අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මතයි

budget 2026 603291

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවනවර කියවීම අද (නොවැම්බර් 11) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 160 ක්ද විපක්ෂ ඡන්ද 42 ක්ද හිමිවිය. ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.