පතිනයකගේ තනතුරට සංජීව ධර්මරත්න පත්කරයි

sanjeewa dharmaratne

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි සංජීව ධර්මරත්න මහතා පරිපාලනය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටත් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.‍

DIG lalith pathinayake

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

තවද පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විදෙස් සංචාරයක නිරත වි සිටිම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සංජීව ධර්මරත්න මහතා පත්කර තිබෙනවා.

නමුත් ජ්‍යෙෂ්ඨත්වය අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කල යුතු වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.

මේවන විට පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා හා ලලිත් පතිනායක මහතා අතර මතගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා හා පොලිසිය සම්බන්ධ සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන්.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.