මුජිබර්ලාගේ කුමන්ත්‍රණය සහ විපක්ෂයේ ද්‍රෝහීකම

581846712 1420802856082606 1497494270505430357 n

ක්ලිප්ටෝමේනියාව මානසික රෝගයකි. මෙයින් පෙලෙන්නන්ට යමක් දුටුවිට එය හොරකම් කිරීමට මානසික ආවේගයක් ඇතිවේ. යමක් හොරකම් කලයුත්තේ ඇයිදැයි ඔහු නොදන්නා නමුත්, ඔහු එය හොරකම් කරයි.විපක්ෂයේ ඇතැමුන්ට මේ රෝගය උග්‍රවී තිබේ.මෑතක එම රෝගය උග්‍රවම වැළඳුනු අයෙක් වන්නේ මුජිබර් රහුමාන් ය. පසුගියදා අයවැය විවාදයට ඒක්වෙමින් ඔහු ‌ෙඔහුට නැති යමක් හොරකම් කිරීමට උත්සාහ කළේය. ඒ වෙනකක් නොවේ ‘කීර්තිය’යි.කාගේ කීර්තියද?වෘත්තීයවේදීන් සතු කීර්තියයි.

ඔහු සිය කතාවේදී මෙරට කීර්තිමත් වාත්තීයවේදීන්ට පහරදුන්නේය.ඒවා අවලාද ය.පදනමක් නැති මඩය.

දේශපාලනයේදී දේශපාලනඥයින් එකිනෙකාට මට ගසා ගත්තාට කමක් නැත. ඒ දේශපාලනයේ හැටි බව පුරවැසියන් දනී. එහෙත් වෘත්තිකයින්ට, කීර්තිමත් ව්‍යාපාරිකයින්ට සහ චරිතවලට මඩ ගැසීම හරහා සිදුකරන්නේ තමන්ගේ පාදඩකම ප්‍රදර්ශණය කිරීමය. රටක් ගොඩනැගීමේ කාර්යයේදී වාත්තීයවේදීන් කෙතෙරම් වැදගත් මෙහෙවරක් ඉටුකරනවාද යන්න රහසක් නොවේ.ලොව දියුණු රටවල් තරඟකාරී ලෙස වෘත්තීයවේදීන් ‘මිලට ගන්නේ’ ඔ වුන් එතරම්ම වටින නිසාය.

fighting corruption abdelghani dahdouh lk

දැන් විපක්ෂයට සටන් පාඨ හිඟය.  ඒ නිසා එදාවේල ජීවත්වීමට කොහෙන් හෝ කුමක් හෝ දෙයක් අහුලාගත යුතුය.මුජිබර්ලා මේ කරන්නේ ඒකය.හැබැයි දැන් ජනතාව මරියකඩේ ලෙවෙල් එකේ නැතිබව මුජිබර්ලා දන්නේ නැත. Update නැති පක්ෂයක දිරාපත් නායකයින් සමග එකට වාසයකොට මුජිබර්ලාගේ මනස ද මලකඩ කා තිබේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා වටේ සාමාන්‍යයෙන් අපේක්ෂා නොකළ මට්ටමේ පිරිසක් ගොනුවෙමින් සිටීම මෙරට ප්‍රභූ මටටමේ දේශපාලන කඳවුරුවලට සෑහෙන තිගැස්මට සහ විමතියට හේතුවක් ව ඇත .ඒ අනුව විපක්ෂයේ පාර්ශවයත් එක අරමුණකට ඇවිත් තියෙන්නේ ජනපතිවරයා වටේ සිටින තීරණාත්මක වෘත්තීයවේදී චරිත ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නට ය .

ආණ්ඩුවක එහෙමත් නැත්නම් දියුණු වෙන රටක කොදු නාරටිය වෘත්තියවේදීන් වන අතර  ඒ කොඳුනාරටිය කඩා දැම්ම විට  ඉස්සරහට ලේසියි කියලා විපක්ෂයේ කුමන්ත්‍රණකාරී සමහරු කල්පනා කරති .

ආණ්ඩුව ගෙනාපු අයවැය සම්බන්ධව විපක්ෂයට හරියට සාධනීය තර්කයක් ඉදිරිපත් කරන්න බැරි වුණ අතර  ඒ නිසා විපක්‍ෂය කළේ ඔහේ ඇස් දෙක වහගෙන කනවා මුට්ටි බිඳින වැඩේය .

තමන්ගේ කැත පන්නයේ උපාය ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂය කෙලින්ම ආණ්ඩුවට ගහනවා වෙනුවට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෘත්තියවේදින්ට ගහන්න පටන් ගත්තේ ය.

ඒ වැඩේ බාර අරගෙන තිබුණේ මුජබර්හුමන් ය. මේක මුජබර්ගේ තනි ව්‍යාපෘතියක් නොවන අතර,එය සාමූහික විපක්ෂ වැඩකි. මුජබර් වගේ අය හිට ගන්නේ නැති කඳවුරුවල ඉන්න විමල් වීරවංශ වගේ අයත් මුල ඉඳලම මේ වෘත්තියවේදින් එක්ක ලොකු ඇරියස් එකක සිටි අතර, දැන් සියල්ලෝම එකම කොටේ නැග සිටී.

ඔවුන්ට හිරිකිතයක් නැත.

 ලංකාවේ අලුත්ම විලාසිතාව හොරුන්, හොරුන් ඇල්ලීමයි. බසයක් තුල මුදල් පසුම්බියක් සොරකම් කල හොරෙක් පසුපස “හොරක් හොරෙක්” කියමින් මිනිසුන් හඹා යන්නට විය. එවිට හොරාද “හොරක් හොරක්” කියමින් දුවන්නට විය. ටික දුරක් දුවන විට මිනිසුන්ට හොරා කවුරුන්දැයි පටලැවිණි. හොරා පසුම්බියද ගෙන එතනින් සෙමින් මග හැර ගියේය. විපක්ෂයේ සමහරුන්ට හොරු කවුද කියා අමතකය.දූෂිතයින් කවුද කියා අමතකය.

eaxxtxfx0aenjda

වරක් හොරකම් කෙරුවෙකුට නැවත හොරකම් කිරීම බරපතල වැඩක් නොවේ. ඔවුන්ගේ හොරකම් කිරීම පිළිබඳ හිරිඔතප් බිඳී ඇත. වරක් මිනීමැරුවෙකුට තවත් අයෙක් මැරීම පහසුය. වරක් අයාලේ ගිය අයෙකුට ඉන්පසු අයාලේ යෑම ලොකු දෙයක් නොවේ. හොරකමද එසේමය. අවශ්‍ය වන්නේ මේ මේ හොරුන්ට හොරකම් කිරීමට නැවත අවස්ථාවක් ලබා දීම පමණි. එය ලද පමණින් නැවත හොරා හොරකම් කරනු ඇත. 

විපක්ෂයද එහෙමය.

ප්‍රභු පැලන්තිය මුල ඉදලම තිගැස්මට ලක්වූ  චරිත කිහිපයක් ජනපති අනුර වටා සිටී.ඔවුන් රට ගොඩනැගීම පිළිබඳව දැඩි සිහිනයක් දකිනවා මිස වරප්‍රසාද හෝ තනතුරු මත අවස්ථාවාදී කටයුතු කරන්නන් නොවේ.

581846712 1420802856082606 1497494270505430357 n

දේශසීමා බොඳ වී දක්ෂතා නිදහසේ ගමන් කරන ලෝකයක, විශාල ඉල්ලුමක් ඇති චරිතයක් ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය ප්‍රකට ය .සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලබා,1989 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ගත් ඔහු, 1994 වසරේදී බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

හාන්ස් වරලත් ඉංජිනේරුවරයෙකු සහ එක්සත් රාජධානියේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සාමාජිකයෙකු වගේම,  ඔහු එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා ගත්තේය. ප්‍රසිද්ධ ජංගම දුරකතන මෙහෙයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටාහි ආරම්භක කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු වූ හාන්ස්, 1997 වසරේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය.. ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි. 

image 361903c7e4

එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකි විණි. 

එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. 

 GSM Asia Pacificහි හිටපු සභාපතිවරයෙකු ද වන ආචාර්ය හාන්ස් විජේසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින් පවත්වන ලද Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළ ම සම්මානයට ඔහු පාත්‍ර විය. ඇක්සියාටා හී ප්‍රධාන විධායක නිලධාරීවූ ඔහු වරක් ස්පාඤ්ඤයේ බාසිලෝනාහීදී GSMA සභාපති සම්මානය පවා ඔහුට  හිමිවිය .

මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව විසින් 2008 වසරේදී “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙසින් නම් කරනු ලැබු‍වේ ද ආචාර්ය හාන්ස් විජේසූරිය යි.කිසිම විටෙක කිසිදු රජයක් යටතේ තනතුරු භාර නොගත් හාන්ස් මෙවර ජනාධිපති අනුරට සහය දැක්වීම පිළිබඳව ඇතැමුන් විශ්මයට පත්විය .

ජනාධිපතිවරයා, සිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය පත් කරගත්තේ ජාත්‍යන්තර වශයෙන් පවා ඔහු දක්වා තිබූ අද්විතීය විශ්වාසය නිසා බවයි බොහොමයක් දෙනා කියන්නෙ.ජනාධිපතිවරයා සිය පාලනයතුළ වැඩි බරක් තබා ඇත්තේ ඩිජිටල් ආර්ථිකයටය .එහි වගකීම හාන්ස්ට භාරදීමත් සමඟ වියරු වැටී සිටින සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන කණ්ඩායම් ඔහුද තමන්ගේ ප්‍රහාර ලේඛනයට ඇතුලත් කරගෙන සිටී.

ලංකාව නෝට්ටු භාවිතයෙන් තොර රටක් බවට පත් කිරීම ආණ්ඩුවේ ඉලක්කයයි.ඒ හරහා දූෂණයට අල්ලසට,අතයට ගණුදෙනුවලට වැට බැඳෙන බව දන්නා දූෂිතයෝ සලිත වී සිටී.

වරක් හාන්ස් ගැන ජනපති අනුර ඉතාම සුවිශේෂී සහතිකයක් දුන්නේය.

‘රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාව, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම වෙනුවෙන් gov pay හඳුන්වා දී ඇති අතර මෙය අල්ලස් මාෆියාවට එල්ල වූ මරු පහරකි.

“ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය වේගවත් කිරීම, වසර තුනක කාලයක් තුළ කුලුනු 500ක් ස්ථාපිත කිරීමේ ඉලක්කය, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය වේගවත් කිරීම, අමාත්‍යාංශයේ පරිපාලන සහ මෙහෙයුම් ව්‍යුහ ශක්තිමත් කිරීම, නව ඩිජිටල් ආර්ථික අධිකාරිය පිහිටු වීම සහ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීම යනාදිය ද හාන්ස් ලා සිදුකරන ඩිජිටල් විප්ලවයන් ය.

ඉතින්,මේවාට එරෙහිව මුජිබර්ලා කෑගැසිය යුතුය.හැබැයි රටේ පුරවැසියන් අවස්ථා කිහිපයකදී උගන්වා ඇති පාඩම මේ විදිහට ගියොත් යලින් මුජීලාට ඉගෙන ගන්න බැරිවෙන එකක් නැත.

මාණාභරණ වික්‍රමතිලක