නුගේගොඩ යන්නේ නෑ.හැබැයි වැඩේ වැළඳ ගන්නවා.

ajith p perera 1600

21 වැනිදා පැවැත්වෙන විපක්ෂයේ විරෝධතාවට සජබය සහභාගී නොවන නමුත් ඊට පක්ෂයේ සුබ පැතුම් හිමිවන බව සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. රජයට එරෙහිව සටන් කරන කාටත් තම සහය බැපෙන බව කී ඔහු සජබ අල්ලසට දූෂණයට විරුද්ධ බවත් කීය.

ඔය අතර, අඩුතරමින් විපක්ෂ නායකවරයා නොයන්නේ නම් පක්ෂයේ නියෝජිතයකු හෝ ඊට සම්බන්ධ කරවන ලෙස සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත්  ඔහු ඊට අනුකූලතාවක් දක්වා නැතැයි වාර්තා වේ.විවිධ දූෂණ චෝදනා එල්ල වූ පිරිසක් සමඟ එකට ගමනක් නැතැයි මෙහිදී පක්ෂ නායකත්වයෙන් ප්‍රකාශවී ඇති බවත් පවුලේ සමහරුන්ට විවිධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් උදව් ලබාගැනීමට හොඳ නම් ඔහු සමග එකට සිට ගැනීම වරදක් වන්නේ කෙසේ දැයි මෙහිදී සමහර නායකයන් සහ මන්ත්‍රීවරුන්  ප්‍රශ්න කර ඇති බවත් දැනගන්නට ඇත.