රවී,පළමු වරට සජිත්ට හිමි තැන කියයි!එජාප භූතයෝ රනිල් දන්න බවත් කියයි!

ravi karunanayake 2

එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනා විසින් පක්ෂය විනාශ කරමින් සිටින බවත්, එම භුතයන් දෙදෙනා වහාම ඉවත් නොකරන්නේ නම් සියලු දෙනාගේම අනාගතය විනාශ වී යනු ඇති බවත් මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහට පසු පක්ෂයේ ජේෂ්ඨතමයා තමන් බවත් ඒ සියල්ල හිටපු බවට පත්ව ඇති බවත් ඔහු කීය. මේ මොහොතේ පක්ෂය එකතු කළ යුතු බවත්,එවැනි මොහොතක තමන් පක්ෂයේ එකමුතුකමට බාදා නොකරන බවත් ඔහු කීය.තමන් දේශපාලනය පටන්ගත් කාලයේ මෙන් කැත්තට පොල්ල මෙන් ඉන්නේ නැතිබවද ඔහු කීය.පක්ෂය වනසන භූතයෝ දෙන්නා කොළඹ සහ තවත් දිස්ත්‍රික්කයක් බවත් එහු කීය.

තමන් බෙල්ල දීලා පක්ෂය රැක්කත් කොහෙවත් නැති භූතයෝ දෙන්නෙක් ඒක විනාශ කරන බවත් ඔහු කීය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ අනාගතයත්, රනිල්ගේ අනාගතයත් විනාශවෙන්නට දී ඇත්තේ මේ භූතයෝ නිසා බවත් කීය. එකතුවීමේදී භූතයෝ ඉබේම ඉවත් වෙන බවත් කීය.

සජබ සහ එජාප දෙක එකතුවෙන්න අවශ්‍ය බවත් ඔහු කීය.පක්ෂය එකතුවිය යුත්තේ සජබ මුල්කරගෙන බවත් ඔහු පිළිගත්තේය.විපක්ෂයේ විශාලම බලවේගය සජබ බව ඔහු පැවසීය. සජිත් සහ රනිල් දෙන්නම දිනන්න වෙනම වැඩ කළ බවත් එය පරාජයට හේතුව බවත් එහු කීය.