දිල්කා සමන්මලී නාමල් රාජපක්ෂට සටහනක් තබා ඇත.කාබයිට් අඹයක් වෙන් එපා යැයිද,තව කල් තියෙනවා යැයිද ඇය පවසයි.මේ එම සටහනයි.
මෙන්න තවත් හෑල්ලක්.නාමල් රාජපක්ශ …
මල්ලි මම ඔයාගෙ ෆෑන් කෙනෙක් නෙමෙයි.මං හිතනව ඔයා ඒක දන්න බව.
ඇත්තම කිව්වොත් මට ඔයාව අල්ලන්නෙම නෑ.මහින්ද රාජපක්ශ මහතාට තියන ගරුත්වයෙන් බින්දුවක් වත් ඔයා ගැන මට නම් නෑ.මේක තමයි හෙණ ගහන ඇත්ත.ඒකත් ඔයා දන්න වග මට විශ්වාසයි.
වර්තමාන ආණ්ඩුව මේ දඟලන දැඟලිල්ල නිසා තමන්ගෙ වල තමන්ම කපාගනිමින් ඉන්න නිසා රැල්ල ඔයාගෙ අතට හමන එකට ත් කොටින්ම මං කැමති නෑ.මට හිතෙන්නෙම ඔයාට තව සෑහෙන්න කල් තියනව කියන එකයි.
කාබයිට් ගහල ඉදවන පළතුරු වගේ කලිං මෝරන එක ගැන මට නම් තියෙන්නෙ පොඩි පසුගාමී අදහසක්.
කොහෙද මේ ආණ්ඩුවට පුදුම හදිස්සියක් නෙ තියෙන්නෙ.
සන්නස්ගල සර් එක්ක කරපු මේ වැඩ සටහන ගැන බොහොම අය කතා උන නිසාම මේක බැලුවට මේක මෙච්චර මරු එකක් වෙයි කියල නම් හිතුවෙ නෑ.
ඔයාගෙ පළවෙනි රූපවාහිනී සාකච්ඡාව කලේ මම.එදත් ඔයා වයසට වඩා පරිණතව උත්තර දුන්න කියල මතකයි.මොකද අපි වැඩසටහනට පසුව අපේ කණ්ඩායම එක්ක ඒ ගැන කතා කලා.ඊට පස්සෙ ආපූ හැම වැඩසටහනකදිම දිනෙන් දින වර්ධනය වන පරිනත දේශපාලන ලක්ශන පෙන්වූ බවත් මතකයි.
හැබැයි ඔයාට තාත්තගෙ පුතාවෙන්න තව සෑහෙන්න කල් තියනව කියන එක තමයි මගේ අදහස උනේ.නමුත් අද මේක කියන්න ඕන ඔයා ඒ පාරට හරිම වේගයෙන් ගමන් කරමින් ඉන්නව.
මහින්ද මහත්තයගෙ පුතා වීම නිසාම දේශපාලනිකව තැලීමට ලක්වෙච්ච යකඩයක් තැලීමෙන්ම පන්නරය ලබනව වගේ මට පේන්නෙ ඒ ප්‍රහාර විසින්ම ඔයාව නිර්මාණය කරල කියලයි.අද මම ඔයාට සුබපතන්න මේක අවස්තාවක් කරගන්නව.
මීට අවුරුදු ගානකට කලින් හිටපු නාමල් එක්ක බලද්දි සන්නස්ගල සර් එක්ක මේ සාකච්ඡාව කරන නාමල් සෑහෙන්න උඩ.
හැබැයි එක දෙයක් මල්ලි….ඔයාට එල්ල වෙන බරපතල චෝදනාවලට ඔයා වරදකරුද නිවැරදිකරුද කියන්න අපි තාම දන්නේ නෑ.ඒනිසා ඒ චෝදනා සඳහා සාධාරණ පිළිතුරු ලැබිය යුතුයි. විසඳුම් ලැබිය යුතුයි.අනුර කුමාර ජනාධිපතිගේ වසර පහ කියන්නේ තීරණාත්මක වසර පහක්.ඒක අනුර කුමාර ජනාධිපතිටත් වඩා තීරණාත්මක වෙන්නේ රාජපක්ෂවරුන්ට.
තාත්තව නිදොස් කොට නිදහස් කරන්නෙ මේ ආණ්ඩුවෙන් කියල ඔයා කියපු කතාව තීරණාත්මක වෙන්නේ ඒ නිසා.
ඒ හින්දා මේ ගේම් එක ආණ්ඩුව ප්ලේ කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න එක අපිටත් වැදගත්.ඒ වගේම මහින්ද මහත්තයාගේ ලොකු පුතා මේකට මුහුණ දෙන විදිහත් වැදගත්.
මොකද ඒක අනුව අර කලින් කියපු නාමල් රාජපක්ෂට තියෙන අකැමැත්ත නිෂ්ක්‍රිය වෙනවා.බලන් ඉමු.
එතකං මල්ලි උඹට ජය.(උඹ කියන්නෙ අගෞරවණීය වචනයක් නොවේ.ඒ ගමේ බයි වචන.ඒකත් තේරෙනව ඇති කියල හිතෙනව.)