අපි මේ රැලිය තිබ්බේ නායකයො හදන්න නෙවෙයි – චාමර සම්පත්

චාමර සම්පත්

අද දින මේ රැලිය පවත්වන්නේ නායකයේ නිර්මාණය කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් නුගේගොඩ රැලියට එක්වෙමින් පැවසීය. ඔහු මෙහි දී අවධාරණය කරන්නේ අවශ්‍ය වෙලාවේදී කිනම් හෝ නායකයෙන් ඔසවාගෙන විත් පුටුවේ වාඩිකරවන බවයි.

ඕනෑම වැස්සක් ඇතිවීමට පෙර ගොරවන බවත් නුගේගොඩ රැලියට ජනතාව පැමිණ ඇත්තේ ජනාධිපතිතුමාට ගෙරවීමට බවත් පැමිණ ඇති සියලු ජනතාව පෙරහැරේ කස කරුවන් බවත් චාමර සම්පත් වැඩිදුරටත් අවධාරණය කළේය.