තමන්ගේ නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් 21 වන දින නුගේගොඩ රැලියේදී පිළිතුරු ලබා දෙන බවට නාමල් රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශ කරනු ලැබීය.
කෙසේ වෙදත් එදින ඒ පිළිබඳව කිසිදු කතාබහක් නොවූ අතර චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණක් නාමල්ගේ උපාධිය සම්බන්ධයෙන් වේදිකාවේදී කතා කරනු දැකිය හැකි විය.
තම නීති උපාධිය සම්බන්ධයෙන් එල්ල වන මුළුමනින්ම අසත්‍ය සහ අපහාසයන්ට පිළිතුරු, නොවැම්බර් 21 වන දින පැවැත්වෙන රැලියේදී රටටම දැකගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබිණි.
” මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා.දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි ”
එහෙත් 21 රැලියේදී එවැනි උත්තරයක් ලැබී නැත.