රාජ්‍ය සේවකයින්ට සහ ඇතැම් නිලධාරීන්ට,පොලිසියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා යම්කිසි තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී ඔහු කියා සිටියේ,
“තමන්ගේ ග්‍රහණයට පොලිසිය පවරගෙන තියෙන්නේ.මම දැක්කා ජනාධිපතිතුමා කියනවා ‘රාජ්‍ය සේවකයින්ට දේශපාලනය කරන්න එපා. දේශපාලනය ජනාධිපතිතුමා කරන්නම්ලු.’ පොලිස්පතිතුමාටත්, රටේ ආණ්ඩුවට අසීමිත විදිහට කඩේ යන රාජ්‍ය සේවකයන්ටත්, සමහර නිලධාරීන්ටත් මතක් කරනවා ඔව්, ඔබ අවංකව අපේ රාජකාරිය ඔබ අවංකව ඉටු කරන්න. ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්රශ්නය අපි විසඳගන්නම්.ඒක නිසා ජනාධිපතිතුමනි ඔබට ඔබේ දේශපාලන යාන්ත්‍රණය මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු වෙනකොට ඒකට මේ රටේ අහිංසක පොලිස් නිලධාරියා වගේම, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සේවය පටලවාගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි මතක් කරනවා.”
කෙසේවෙතත්, නාමල් රාජපකෂ මහතා මේ වන විට අධිකරණය ඉදිරියේ විභාග වන නඩු කිහිපයක ප්‍රධාන විත්තිකාරයෙක් ලෙස නම් කර තිබෙනවා.
එහිදී කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය සඳහා නීතිපතිවරයා විසින් මේ වන විට අධි චෝදනා ගොනුකර ඇත.
මීට අමතරව, තාජුඩීන් ඝාතනය සිදු වූ ආකාරයත් ළඟදිම අධිකරණය හමුවට පැමිණීමට නියමිත අතර, යහපාලන ආණ්ඩු සමයේ මෙම සිද්ධි සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවන විට, මොවුන් FCID විසින් සිදු කරන විමර්ශනවලට පැමිණීයේ, කොට කලිසමක් ඇඳගෙනය.
ඒත් සමඟම, නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබා ගත් ආකාරය ගැනද වර්තමානය වන විට බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන අතර, ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් සිදුවෙමින් පවතී.