මහා ජාත්‍යන්තර ජාවාරමක් අනුර හෙලිකරයි!

568400434 1404315947731297 1385113775067156598 n

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “රටම එකට” මෙහෙයුම අඩාල කිරීමට විශාල මුදලක් වියදම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව, මෙහෙයුමේ නිරතව සිටින නිලධාරීන් ඉලක්ක කිරීම සිදු කරන අතර ඔවුන් මෙම මෙහෙයුමේ දිශානතිය වෙනස් කිරීම සඳහා  මහජන උද්ඝෝෂණ ඇති කරවීම, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කිරීම, නැති ප්‍රශ්න ඇති කිරීම වැනි විවිධ ආකාරයේ ක්‍රියාවලියක නිරත වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය තුරන් කරන සටනට එරෙහිව නැඟිටින විනාශකාරී දේශපාලන පෙරමුණු දේශපාලනයෙන් ම පරාද කිරීමට සූදානම් බව ත් එම දේශපාලන ක්‍රියාවලියට නිලධාරීන් කිසිවෙකු මැදිහත් විය යුතු නැති බව ත් ජනාධිපතිවරයා කීය.

ඔහු මෙසේ ද කීය.

“සමහර අය විවිධ වේශයන්ගෙන් මේක යට ගහලා සමාජය වෙන දිශාවකට කැඳවන්න උත්සාහ කරයි. මේවා ලෝකයේ වෙලා තිබෙනවා. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය කළා, මෙක්සිකෝවේ ජනාධිපති අපේක්ෂකයාව ඝාතනය කළා. සමහර රටවල්වල අත්අඩංගුවට ගත්තාම ඒ නායකයන් නිදහස් කර ගැනීම සඳහා මහජන උද්ඝෝෂණ පවා සූදානම් කර තිබුණා. ඇයි?  කුඩු ව්‍යාපාරිකයන් නිදහස් කර ගැනීමට ධනය තිබෙනවා. මොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් සල්ලි වීසි කරනවා. විශාල ධනයක් ඔවුන් ළඟ තිබෙනවා.

ජාවාරම්කරුවන් මිලක් නියම කරන්නේ, මේ මෙහෙයුම අඩාල කරන්නේ, මේ මෙහෙයුමේ නිරතව සිටින නිලධාරියාවම ඉලක්ක කරගෙනම නෙමෙයි. මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න, මහජන උද්ඝෝෂණ ඇති කරවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න, අපේ මේ ජාතික ක්‍රියාන්විතය නතර කරන්න ඒ පැත්තෙන් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන්. ඒ හා බැඳුණු තවත් යාන්ත්‍රණයන්, මෙවලම් තිබෙනවා. එනිසා අපේ සටනට එරෙහිව නැඟිටින විනාශකාරී දේශපාලන පෙරමුණ දේශපාලනයෙන් ම පරාද කරන්නම්. අපේ  ඒ දේශපාලන වැඩේට නිලධාරීන් කවුරුත් මැදිහත් වන්න අවශ්‍ය නැහැ”