කෝටිපති රජදහනේ දානපතියා

100690918 167800258

ඇතැම් විට ඔබ වැඩ කරන වේලාව පැය අට ඉක්මවනවාට සැක නැත.සමහරවිට ඔබ අතිකාල සේවයේත් යෙදී ඉන් අනතුරුව තව පාර්ට් ටයිම් රස්සාවක්ද කරනවා විය හැක.ජීවිතයට ගොඩවෙන අනේක ආර්ථික ප්‍රශ්න අද්දර ඒවායින් අත්මිදීමටනම් එහෙම වැඩ කළ යුතුය.එහෙත් එක්තරා කෝටිපතියෙක් ඔබට යෝජනා කරනවා මෙහෙම.

‘ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන්න කැමැතිද?දුයුණු වෙන්න කැමැතිද?එහෙමනම් ඔබ සතියකට හරියට දින තුනක් වැඩ කරන්න’

ඔබ විමතියට පත් වුණාද?ඔහු මෙහෙමත් ඔබට යෝජනා කරනවා.

‘මහලු වීම ගැටලුවක් නොවේ.විශ්‍රාමික වයස 70ව කළ යුතුයි.එතෙක් ඔහුගේ පරිණත ජීවිතයෙන් වැඩ ගත යුතුයි.සේවා මුරය දිනකට පැය 11ක් වීම වඩාත් අගෙයි’

මේ පුරාජෙරු කියවන්නේ කවුද?

ඔබට මෙහෙම යෝජනා කරන ඔහු ලොව ධනවත් ම පුද්ගලයා ලෙස පිට පිට වසර තුනක්ම ෆෝබ්ස් සඟරාව නම් කළ ‘කාලෝස් ස්ලීම්’.

සිල්ලර බඩු කඩේ, ජංගම දුරකථන සැපයුම්කරු සහ විශාලතම ජාතික ඉදිකිරීම් සංවිධානය යන සියල්ලම එකම සමාගමකට අයත් නම් සිතා බලන්න. ඔබට ඕනෑම දෙයක් පාහේ මිලදී ගත හැකි අතර කිසි විටෙකත් කිසිදු තරඟකරුවෙකු පොහොසත් කිරීමට අවශ්‍ය නොවේ. ලෝකයේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන කාලෝස් ස්ලිම් හෙලූ ජීවත් වන මෙක්සිකෝවේ තත්වය එයයි.

ෆෝබ්ස් සඟරාවට අනුව, 2024 ඔක්තෝබර් වන විට ඩොලර් බිලියන 86.7 ක ධනයක් ඔහු රැස් කරගත් ආකාරය – ව්‍යාපාරික ඥානය සහ දේශපාලන සම්බන්ධතා යන දෙකම පිළිබඳ අධ්‍යයනයක්.

7dfaef20 carlos slim cut

කාලෝස් ස්ලිම් මෙක්සිකෝවේ බිල් ගේට්ස් ද?

සමහරු මෙම සංසන්දනය සිදු කර ඇතත්, ස්ලිම්ගේ ධනය බිල් ගේට්ස්ගේ ධනයට වඩා පැරණි රොක්ෆෙලර් පවුලට සමාන ය. විශේෂිත ක්ෂේත්‍රයක විශිෂ්ට නවෝත්පාදන කිහිපයක් මත අධිරාජ්‍යයක් ගොඩනැගීම වෙනුවට, ඔහු එය කළේ අත්පත් කර ගැනීම් සහ පාහේ පරාජය කළ නොහැකි වෙළඳපල කොටසක් ගොඩනැගීම හරහයි.

කාලෝස් ස්ලිම් කලක් ලොව ධනවත්ම මිනිසාද?

ඔව්, ඔහු එහෙමයි. 2010 සිට 2013 දක්වා ෆෝබ්ස් සඟරාව විසින් ස්ලිම් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගත කරන ලදී.18 යි2024 වන විට සුඛෝපභෝගී භාණ්ඩ දැවැන්තයෙකු වන LVMH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට්, ට්විටර් මිල අධික ලෙස මිලදී ගැනීමෙන් පසු දෙවන ස්ථානයට පත් වූ එලොන් මස්ක් අභිබවා අංක එකේ ස්ථානය ලබා ගෙන තියෙනවා. ස්ලිම් 14 වන ස්ථානයේ සිටියා.

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

  • ලෙබනන් සංක්‍රමණික දෙමව්පියන් වන ජූලියන් ස්ලිම් හැඩාඩ් සහ ලින්ඩා හෙලූ අට්ටාට දාව මෙක්සිකෝ නගරයේ උපත ලැබීය.
  • කුඩා කල සිටම, ඔහු තම පියාගෙන් ව්‍යාපාර සහ මූල්‍ය කටයුතු පිළිබඳව ඉගෙන ගත් අතර, තරුණ වියේදීම ආයෝජනය කිරීමට පටන් ගත්තේය.
  • මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඔහු, ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ගුරුවරයෙකු ලෙසද සේවය කළේය. 

වෘත්තීය සහ ව්‍යාපාර

  • 1965 දී ඉන්වර්සෝරා බර්සාටිල් ආරම්භ කළ අතර එය ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යය වන ගෲපෝ කාර්සෝ සඳහා අඩිතාලම බවට පත්විය.
  • ඔහුගේ උපාය මාර්ගයට බොහෝ විට ආර්ථික පසුබෑම් වලදී අවතක්සේරු නොකළ සමාගම් අත්පත් කර ගැනීම ඇතුළත් විය .
  • ඔහු විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් බවට පත්විය, විශේෂයෙන් ටෙල්මෙක්ස් සහ ඇමරිකා මොවිල් හි ඔහුගේ කොටස් හරහා.
  • ඔහු ඉදිකිරීම්, සිල්ලර වෙළඳාම සහ බලශක්තිය ඇතුළු තම ව්‍යාපාරික අවශ්‍යතා පුළුල් කර ඇත. 

පෞද්ගලික ජීවිතය සහ පරිත්‍යාගශීලිත්වය

  • 1966 දී සෞමායා ඩොමිට් ගෙමයෙල් සමඟ විවාහ වූ අතර ඇය 1999 දී මිය ගියාය. ඇයට ගෞරවයක් වශයෙන් ඔහු කෞතුකාගාරය සෞමායා ලෙස නම් කළේය.
  • ඔහු කලා එකතුකරන්නෙකු වන අතර මෙක්සිකෝ නගරයේ නොමිලේ ඇතුළත් වීමේ කෞතුකාගාරයක් වන මියුසියෝ සෞමායා ස්ථාපිත කළ අතර එහි දහස් ගණනක් කලා කෘති තැන්පත් කර ඇත.
  • ඔහු පාසල්වලට පරිගණක පරිත්‍යාග කිරීම සහ මෙක්සිකෝ නගරයේ නගර මධ්‍යයේ කොටස් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු විවිධ පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වී ඇත.
  • ඔහුගේ අතිමහත් ධනය තිබියදීත්, ඔහු සාපේක්ෂව සරල ජීවන රටාවක් පවත්වා ගෙන යන බවට ප්‍රසිද්ධය. 

founder of grupo carso carlos slim

කාලෝස් ස්ලීම් යනු ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ ජාතික ආදායම ඉක්මවාලන තරමේ ධන සම්භාරයක් සන්තක කුවේරයෙක්.ඕනකමක් තිබේනම් ‘රත්තරනින්’සද්ධන්ත මන්දිරයක් තැනිය හැකි තරමේ ව්යාපාරික ‘රජෙක්’. ‘හැට පැන්නට හොට බිම ඇනෙන්නේ නැති බව’ කාලෝස් නොකියා කියනවා.ඒ වයසේ අත්දැකීම් සේම පරිණත බව ආයතනයක ප්‍රවර්ධනයට ඉවහල් කරගත යුතු බව ඔහු තදින් විශ්වාස කරන සංකල්පයක්.

ලෝක ධන කුවේරයා සොයා ඔටුනු පැලැඳවීම කවදත් කරනුයේ ෆෝබ්ස් සඟරාවයි. 2010 වර්ෂයේ සිට 2014 දක්වා ලෝකයේ ලොකුම ධනවතා හැටියට කිරුළු දැරූ කාලෝස්ගෙන් එම කිරුළ 2014 මුලදී ඩැහැගන්නට සමත් වූයේ බිල්ගේට්ස්.

එහෙත් 2014 උදාවී මාස හතක් ගිය තැන මේ මෙක්සිකොවානු මිනිසා නැවතත් කිරුළ තමා සතු කරගන්නවා.ලොව අංක එකේ ධන කුවේරයාගේ නිරන්තර නිජබිම ඇමෙරිකාව වෙත්දී 16 වසරක එකී උරුමය 2010 මෙක්සිකෝවෙන් බිහිවූ කාලෝස් තමා සන්තක කර ගන්නවා.

‘ධනය එනවා..නොකියාම යනවා..’

කාලෝස් එහෙම කියන අවස්ථා බොහොමයි.

මේ අනපේක්ෂිත ‘මතුවීම’අමෙරිකාව සසළ කරන්නට සමත් වුවත් කරන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නෑ.

කාලෝස් ‘ඉපයීම’පටන් ගන්නේ අවුරුදු 10 නොදරු වියේ සිට.ගෙදර ඇත්තන්ට බිස්කට්,චොකලට්,පැණි බීම ආදිය විකුණමින් ‘වැඩ’ පටන් ගන්න කාලෝස් ‘හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන’කතාව සත්යයක් බව ඔප්පු කරනවා.

වයස අවුරුදු 12 ක් පමණක් වනවිට කාලෝස් මෙක්සිකෝ බැංකුවේ කොටස් මිළට ගන්නට සමත් වෙනවා.අවුරුදු 17ක හිරිමල් යෞවනයෙකුව සිටියදී ඔහු පියාගේ සමාගමක සේවය කරනවා.සතියකට පෙසෝ 200ක් ඉපයීමට සමත් වෙන කාලෝස් ඒ අතරේ විශ්වවිද්යාලයට ඇතුලත් වෙනවා.ඉන්ජිනේරුවෙකු වීමේ සිහිනය වියැකෙන්නට නොදෙන ඔහු ඒ අතරේ ව්යාපාර කටයුතුත් මනාකොට සිදුකරනවා. සරසවියෙන් පිටවන විට ඔහුගේ ව්යාපාරික වත්කම් ප්රමාණය ඩොලර් මිලියන 40 ක්.අසමසම ව්‍යාපාරිකයෙකු වීමේ සුපිරි පෙරනිමිති කාලෝස් පහළ කරන්නේ එහෙමයි.

1965 දී ඉන්වර් සෝරා බර්සාටිල් සමාගමේ කොටස් මිලට ගත් ඔහු, ඉන් මාස කිහිපයකට පසු ජැරි ටොස් ඩෙල් සර් නමැති සමාගම ද මිලට ගනු ලබනවා. 1966 වන විට ඔහුගේ සම්පූර්ණ වත්කම අමෙරිකානු ඩොලර් ලක්ෂ 400 ක් . ටෙලිමෙක්ස් ටෙල්සෙල් ඇමරිකා මොවිල් වැනි ජංගම දුරකථන සමාගම් සේම තෙල් කැනීමේ සිට හෝටල් කර්මාන්තය දක්වා ඔහුගේ ව්යාපාර විහිදී තිබෙනවා.අමෙරිකාවේ සහ බ්රසීලයේ පමණක් මිලියන 200ක් ඉක්මවන පාරිභෝගිකයින් භාවිතා කරන ‘මොවිල්’ජංගම දුරකතන සමාගම කාලෝස්ගේ අභිමානවත් ව්යාපාරයක අත්තක්.සෑම ධන කුවේරයෙක්ම ස්වකීය ජීවිත සැරසිල්ලක් හෝ රැකවරණයක් සේ හෝ යොදා ගන්න ‘මාධ්‍ය’ටද ඔහු අත පොවනවා.ඒ ‘නිව්යෝර්ක් ටයිම්ස්’පුවත්පතෙන් සියයට 16ක කොටස් හිමි කරගනිමින්.

1982 වසර මෙක්සිකෝවේ ආර්ථිකය ‘වියරු කුණාටුවකට’හසුව කඩාවැටෙමින් තිබූ යුගයක්.ජන ජීවිත ආර්ථික පීඩාවේ අහේනියෙන් කුඩුසංකායම් වෙමින් තිබූ යුගයක්.කුඩා කර්මාන්ත හාන්සි වෙත්දී මහා කර්මාන්ත සමතලා වූ යුගයක්.

එහෙත් කාලෝස් උන්නේ සූදානම් ශරීරයෙන්.කාලයක් තිස්සේ එක්කාසු කොට තිබූ මුදල් හෙතෙම ‘සීරුමාරුවට’පාවිච්චි කරන්නට සූක්ෂම වුණා. කඩා වැටුණු මෙක්සිකෝව යම් දිනෙක හිස ඔසවන විට අත්යවශයෙන්ම ‘මිළක්’තිබෙන දේ ගැන කාලෝස් අවධානය යොමු කරනවා.සීරුමාරුවට වසර ගාණක් තිස්සේ ඉපැයූ ධනය ඔහු ආයෝජනය කරන්නේ ඒ ‘ඉව’ඇතිවයි. ‘කාලගුණය දේශගුණය සේම ආර්ථිකයද’ වෙනස් වන බව ඔහුගේ ශූර පරිණත බව තේරුම් ගෙන තිබුණා.

‘කාලෝස් මෙක්සිකෝවේ සියලු ව්‍යාපාර ඩැහැ ගන්නවා විතරක් නෙවේ,කුඩා ව්යාපරවලට යන එන මං නැති කරනවා’.

සමහරු කාලෝස්ට මෙහෙම කියන්නේ ඊරිසියාවටම නොවේ.

1985 වන විට වනවිට මෙක්සිකෝව නැගිටින්න පටන් ගෙන තිබුණා.ඒ වෙනවිටත් කාලෝස් රෙනෝල්ඩ්ස් ඇලුමිනෝ, ජෙනරල් ටයර්ස්, බිවෙන්ස් හෝටල සමාගම ආදිය තමා සන්තකයට ගෙන තිබුණා.අද මෙක්සිකෝවේ භාවිත වන ජංගම දුරකථන ප්රමාණයෙන් 80% ක්ම ක්රියාත්මක වන ‘ටෙල් සෙල්’ කාලෝස්ගේ සමාගමක්. ක්රමානුකූලව කාලෝස්ගේ ව්යාපාර ජාලය මෙක්සිකෝවෙන් ඔබ්බටම ව්යාප්ත වුණා.බ්රසීලය සේම අමෙරිකාවද ඔහුගේ ව්යාපාරවල මුල් දිවගිය තැන් බවට පත් වුණා.

2007 වනවිට ලොව ධනවත්ම ලැයිස්තුවේ ඉහළ පුටු හිමිකර ගැනීමේ සීතල යුද්ධයේ පෙරමුණේ බිල් ගේට්ස්,වොරන් බුෆට් සේම කාලෝස් ද සිටියා.2007 අගෝස්තු 4 වැනිදා ‘ද වෝල් ස්ට්රීට් ජර්නල්’ හි කවරයේ කතාව කාලෝස් ස්ලිම් සඳහා වෙන් කළ අතර 2011 මැයි මස ෆෝබ්ස් සඟරාව කාලෝස් ගැන තවත් අපූරු පණිවිඩයක් හෙළි කරනවා.

carlos slim 1829470b

ඒ ලොව ධනවත්ම පුද්ගලයා සේම ලොව විශාලතම දානපතියා ද කාලෝස් බව.

මේ සියල්ල අතරේ කාලෝස් විශ්වාස කරන දෙයක් තිබෙනවා.ඒ ‘සියල්ල වෙනස් වන සුලුයි’යන්න.එය මොනවට සනාථ කරමින් ගිය වසරේ ෆොබ්ස් සඟරාව කාලෝස් ලෝක ධනකුවේර නාමාවලියේ සිටි බොහෝ දෙනෙකුගේ ආර්ථික කඩාවැටීම් හෙළිදරව් කරනවා.ඒ අනුව බිල් ගේට්ස්, ඇමන්සියෝ ඔටෙගා,වොරන් බෆේ ,කාලෝස් ස්ලිම් හෙලූ, ජෙෆ් බෙසොස්, මාක් සකර්බර්ග් , ලැරි එලිසන් , මයිකල් බ්ලූම්බර්ග්, චාල්ස් කොච් අදීන්ගේ ආර්ථික දේහයන් සසළ වී තිබෙන බව වාර්ථා වෙනවා.

කාලෝස් ජීවත් වෙන්නේ මේ යථාර්තය වටහාගෙන.ඒ නිසා ඕනෑම කුණාටුවක් අද්දර සීරුමාරුවට ජීවත් වෙන්න ඔහු දන්නවා.

ධනයෙන් ආඩ්ය වෙත්ම ජීවන රටාවන්ද සුඛෝපභෝගී කර ගන්නා ‘රටාවක්’තුල කාලෝස් ඊට සපූරාම වෙනස් ‘රටාවක්’අනුගමනය කිරීම එක අතකට අරුමයක්.පැරැණි බෙන්ස් රථය සේම කුඩා පිහිණුම් තටාකයක් සහිත දශක 4ක් පැරණි නිවස තාමත් ඔහු වෙනස් කොට නැහැ.

ඉතිහාස කෘති කියවීමේ ලොල් කමක් දක්වන කාලෝස් පරිගනකයක් පාවිච්චි නොකරන්නෙක් ලෙස ප්රකටයි.

ආර්ථිකය කඩා වැටී සෝදාපාලු වූ රටක අතිශය සූක්ෂම සහ උපක්‍රමශීලීව සියගණන් ව්‍යාපාර සතුකරගත් ‘වැරදිකාරයෙක්’ලෙස සමහරු කාලෝස්ව හදුන්වන අවස්ථාද නැතිවා නොවෙයි. එක්කෝ කියවා හමාර කළ,නැත්නම් අඩක් කියවා කොණක් නැවූ ඉතිහාස පොතක් අතේ තියාගෙන, කලාතුරකින් මාධ්යට එන කාලෝස් චෝදනා ගැන මෙහෙම කියනවා.

‘දවසක මම නොවරදවාම මැරෙණවා.ඒක වලක්වන්න බෑ.හැබැයි මැරුණම කියන කතා මට අදාල නෑ.අනෙක් අයට ඕනෙ විදියට, ඒ අය කියන තාලෙට වැඩ කළා නම් මම මෙලහකට මැරුණු මිනිහෙක්’