CIDයෙන් ලන්ඩනයේ සුපිරි මෙහෙයුමක්!

1653323809 dig cid transfer

තෝරු මෝරු කොටුවෙන හැඩ

අතිවිශේෂ කටයුත්තක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකු ලන්ඩනය බලා ගොස් ඇතිබව වාර්තා වෙයි.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරය පිළිබඳව තොරතුරු රැස්කිරීමට ගිය බව පැවසුවද එය ඊට වඩා සුවිශේෂී කටයුත්තක් බව වාර්තා වෙයි. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ගමනේ තොරතුරු ලබාගැනීමට පමණක් නොව, තවත් විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීම සඳහාය.

රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් ගමන සිදුවූ කාලයේ බි්‍රතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන මහත්මියගෙන් ඊට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමද ඔවුන්ගේ ගමනේ එක් අරමුණක් වී ඇති අතර, එවක බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ඉහළ නිලධාරීන් රැසකගෙන්ම මේ ගැන ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.අදාල තොරතුරු ලබාදෙන්නට මෙරටට පැමිණෙන ලෙස සරෝජා සිරිසේනට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව දිගින් දිගටම කළ දැනුම්දීම්වලින් අනතුරුවද සරෝජා සිරිසේන ලංකාවට නොපැමිණි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී සරෝජා සිරිසේනට දැනුම් දීමක් කොට තිබුණේ සිය නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩනයට පැමිණීමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් මේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සැලවී ඇති් අතර හෙතෙම දැඩිසේ කලබලයට පත්ව ඇතැයි ද වාර්තා වේ.ඔය අතර, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යට යාමට තවත් හේතු තිබූ අතර ඉන් එකක් වූයේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ බි්‍රතාන්‍යයේ ඇති අතිශය රහසිගත මුදල් ගිණුමක් පිළිබඳ තොරතුරු ලබාගැනීම බවත් වාර්තා වේ. මීට අමතරව තවත් ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමද එම ගමනේ අරමුණ බව පැවසේ. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටිහැටියේම නාමල්ට ලන්ඩනයේ ‘සිටි ඔෆ් යුනිවර්සිටි‘ විශ්වවිද්‍යාලයෙන් නිකුත් කොට ඇති උපාධි සහතිකය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් ඇති බවට ප්‍රකාශ කළේ ඔය අතරය.

‘නාමල් සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු ඉදිරිපත් කරල තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නෙ 2009 සැප්තැම්බර් 15. තමුන් ඒ සහතිකයට අස්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සෙ තමයි, උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නෙ. ඒ නිසා ඔහුගේ උපාධි සහතිකය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඒ වෙඩ් අඩවිවලින් මතුකරලා තියෙනවා.’ යනුවෙන් ඔහු කීය.