සජිත් මාධ්‍යට අත තියන්න එපා කියයි

dvp

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම වෙනු­වෙන් කට­යුතු කරන මාධ්‍ය­වේ­දීන් සුර­ක්ෂිත කිරීම රජයේ වග­කී­මක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ‍ ඊයේ (24) ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සජිත් ප්‍රේම­දාස මහතා,

“වසර 25ක කාල­යක් සේවය කර තිබෙන විවිධ කුස­ලතා සහිත මෑන්ප­වර් සේව­ක­යන් සියලු දෙනා ස්ථිර කරන්න වත්මන් අය – වැයේ අදාළ යෝජ­නාව යටතේ කට­යුතු කරන්න කියා ඉල්ලී­මක් කර­නවා. දිගු­කල් සේවයේ නිරත වීම තුළ ඔවුන්ට ලොකු අත්දැ­කී­මක් තිබෙ­නවා සේවය කිරීම පිළි­බ­ඳව.

රැකියා ක්‍රම­වේ­ද­යක් අලු­තින් නිර්මා­ණ­ය­කොට ඔවුන්ට අව­ස්ථාව දීම ඔවුන් බාහිර සේව­ක­යන් ලෙස සැල­කීමේ ක්‍රම­වේ­දය නැති කළ යුතු වෙනවා. මේ රටට විශාල සේව­යක් කළ ආබා­ධිත රණ­වි­රු­වන්, අයි­ති­වා­සි­කම් අහිමි වීමෙන් විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණදී සිටි­නවා. අද ඔවුන්ට ලැබෙ­නවා කියූ හිමි­කම ද ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආබා­ධිත රණ­වි­රු­වන්ගේ බිරි­න්දෑ­ව­රුන්ට හා මවු­පි­යන්ට හිමි වන දීම­නාව ද නතර කර තිබෙ­නවා. රණ­වි­රු­වන්ගේ සියලු අයි­ති­වා­සි­කම් නැවත ප්‍රති­ෂ්ඨා­ප­නය කරන්න කට­යුතු කරන්න. ගෙවිය යුතු හිඟ දීමනා ගෙවන්න.”

රජයේ වග­කී­මක් තිබෙ­නවා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන මාධ්‍ය ක්ෂේත්‍රය සුර­ක්ෂිත කිරී­මට. මාධ්‍ය­වේ­දීන්ගේ වටි­නා­කම තේරෙන්නේ බලයේ නොමැති විට ද? මාධ්‍ය ක්ෂේත්‍ර­යට නිද­හස ලබා­දීලා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුරක්ෂා කරන්න කියා ඉල්ල­නවා. අපේ රටේ නිද­හස් මාධ්‍යය විනාශ කරන්න එපා.”