‘දිට්වා’ වියරු වැටෙයි! මහා කුණාටුවක පෙරනිමිති

images (2)

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.මේ වනවිට පීඩන අවපාතය මඩකලපුවේ සිට පැ.කි.මි. 120ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව පැවසේ.එම සුළි කුණාටුව ” දිත්වා” ලෙස නම් කර තිබේ.

1764242986 a hurricane l

යේමනය විසින් යෝජනා කරන ලද මෙම නම, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ  සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල් විසින් සකස් කරන ලද පූර්ව අනුමත ලැයිස්තුවක අන්තර්ගතවේ.

මරණ 39යි

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත.

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවයි.

කලාවැව ජලාශයේ වාන් දොරටු අඩි 19 බැගින් විවෘත කරයි

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක අද (27) පස්වරුවේ අඩි 19 බැගින් විවෘත කිරීම හේතුවෙන් කලාවැව වේල්ල පහළ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

ජල පහරේ පීඩනයට එම මාර්ගයේ තාර තට්ටුවද ගැලවී ගිය බව ප්‍රදේශවාසීන් පවසති.

කලාවැවට ඉහළින් ලැබෙන ජල ධාරිතාව ඉතා ඉහළ බවත්, වේල්ල මතින් මෙන්ම වාන් දොරටු මතින්ද උපරිම ජල ධාරිතාවක් පහළට ගලා යන බව කළාවැව වාරී ඉංජිනේරු කාර්යාලය පවසයි.

කලාවැවේ ජලය කලාඔය හරහා රාජාංගනය ජලාශයට ගලා යන අතර, කළා ඔය පිටාර ගැලීම හේතුවෙන් කළාවැව – අවුකන මාර්ගය, හිරිපිටියාගම – ගල්නෑව මාර්ගය අලුබද්ධ ප්‍රදේශයෙනුත්, ඇඳගල බුල්නෑව මාර්ගය කළාඔය පාලම අසලින් හා කොනිත්ත ප්‍රදේශයනුත්, කටියාව – හුරිගස්වැව මාර්ගය හුරිගස්වැව ප්‍රදේශයෙනුත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබිණි.එම මාර්ග තාවකාලිකව වසා දමා ඇත.මේ අතර කළාඔය පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට වෙසෙන පවුල් කීපයක නිවාස ජලයෙන් යටවී ඇති අතර, ඔවුන් මේ වන විට සහන කඳවුරු වල රැදී සිටිති.

අවුකන ගලේදේවාලය ප්‍රදේශයේ ගවයින් රංචුවක් නිදහස් කර ගෙන ඒමට ගිය ගොපල්ලකු කළාඔය පිටාර ගැලීමත් සමඟින් ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අවුකන දුම්රිය ස්ථානයට යාබද ප්‍රදේශයේ පොල් ගසක රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ගල්නෑව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළාවැවෙහි තිබූ බෝට්ටුවක් රැගෙන විත් ඔහු මුදා ගැනීමට කටයුතු කළහ.ඔහුගේ ගවයින් කීපදෙනෙකු ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, තවත් ගවයින් කීපදෙනෙකු බැඳ තිබූ කඹ ලෙහා දැමීමට නොහැකි වීම නිසා ජලයේ ගිලී මිය ගිය බවද ප්‍රදේශවාසීන් පවසති.

කලාඔය හරහා ගලා යන ජලය රාජාංගනය ජලාශයට එකතු වන අතර, අද (27) පස්වරුව වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30 න් 16 ක් විවෘත කර තිබුණි. වර්ෂාව තවත් පැවතිය හොත් ජලාශයේ ඉතිරි වාන් දොරටුද විවෘත කිරීමට සිදු වන බව රාජාංගනය වාරී ඉංජිනේරු කාර්යාලය පවසයි.

අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි බිම් විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යටවී තිබෙන අයුරු දැක ගත හැකිය.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ. 

හෙලිකොප්ටර් මෙහෙයුමක්

Â
Â

ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නායයෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදහන්ව ඇති බවය.ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.

ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

589729220 1432324038263821 6815869767703149769 n
590490086 1432322111597347 1512189464422623077 n

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. 

ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ආපදා සහන ලබාගැනීමේ

ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)

*

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units – DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)

ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892

පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890

නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897

මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883

පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885

මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893