හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි?විපක්ෂයෙන් අනුමැතිය!

images

ව්‍යසන හේතුවෙන් පිඩාවට පත්ව ඇති ජනතාවට තවදුරටත් සහන සැලසීමේ අරමුණින් රට තුළ ‘හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට තිබේ.මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සමග පැවැත්වූ විශේෂ රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.

එහිදී විපක්ෂයේ සියලුම නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ රට තුළ ‘හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත්කර සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසයි.

‘හදිසි තත්ත්වයක් යනු ජන ජීවිතයේ සුවිශේෂී තර්ජනයක්, අනතුරක් හෝ ව්‍යසනයක් ඇති වන අවස්තාවක, රටේ පැවැත්ම පවත්වාගෙන යාමට, තර්ජනයට මුහුණ දීම සඳහා සාමාන්‍ය කාලවලදී රජයට අවසර නොදෙන ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ බලතල ඇතුළුව අසාමාන්‍ය බලතල ලබා දීමේ අවස්ථාවකි.ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදිසි තත්ත්වයක් පිළිබඳ විධිමත් නිර්වචනයක් සපයා නැතත්,ඒ වෙනුවට හදිසි බලතල අවශ්‍ය වීමට හේතු විය හැකි කොන්දේසි මහජන ආරක්ෂක ආඥාපනතෙහි විස්තර කෙරේ.

ජනාධිපතිවරයා විසින් හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ හැකි අතර එහිදී, “මහජන හදිසි තත්වයක් පැවතීම හෝ අත්‍යාසන්න බව සැලකිල්ලට ගනිමින්, “මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම හෝ ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම සුදුසු බව ඔහු අදහස් කරන විට” හදිසි තත්වයක් පිළිබඳ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හැකිය.’