දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.
ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) අතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය.


එසේම ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වය හා ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට 80 දෙනෙකුගෙන් යුත් ඉන්දියානු ගලවා ගැනීමේ කණ්ඩායමක් ද දිවයිනට පැමිණි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව INS Vikrant ප්‍රවාහන නෞකාවෙන් හෙලිකොප්ටර් යොදවයි
“දිට්වා” සුළි කුණාටුව දිවයින පුරා දරුණු කාලගුණයක් ඇති කරන බැවින්, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා, කොළඹ නැංගුරම් ලා ඇති INS Vikrant ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් හෙලිකොප්ටර් යෙදවීමට ඉන්දියාව එකඟ වී තිබේ.

නරක අතට හැරෙන ගංවතුර සහ හදිසි තත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් කරන ලද විධිමත් ඉල්ලීමකට අනුව මෙම ආධාර ලබා දී ඇත.
මෙම ගුවන් යානයෙන් ඉන්දීය ගලවා ගැනීමේ අනු ඛණඩ දෙකකට අයත් භටයින් 76 දෙනෙකු සහ කාන්තා භටයින් 04 දෙනෙකු වශයෙන් සමස්ථ භටයින් 80 දෙනෙකු පැමිණ සිටින බව වාර්තා වේ.
එසේම මෙම භටයින් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් 04 දෙනෙකු, බෝට්ටු 18 ක්, විදුලි ජනක යන්ත්‍ර ඇතුළු මෙම භටයින්ගේ ක්‍රියාන්විත සදහා අවශ්‍ය විශාල භාණ්ඩ තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුණ බව වාර්තා වේ.