ආපදා කළමනාකරණයට ජපානයෙන් වෛද්‍ය කණ්ඩායම්

ආපදා කළමනාකරණය

දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානිය සැලකිල්ලට ගනිමින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා හානි තක්සේරු කිරිමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යවන බව ජපාන රජය නිවේදනය කර තිබේ.

JICA කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නොවැම්බර් 30 වන දින ජපානයෙන් පිටත්ව යන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඔවුන් භූමියේ වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරන අතර ජපන් ආපදා සහන (JDR) කණ්ඩායමක් මෙරටට යැවීමේ සම්බන්ධීකරණය කරනු ඇත.

තක්සේරු මෙහෙයුමට අමතරව, ජපානය JICA හරහා පීඩාවට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහන භාණ්ඩ ලබා දීමට ද තීරණය කර තිබේ.