පාකිස්ථාන නාවික හමුදාවට අයත් Harbin Z-9 හෙලිකොප්ටර් යානා ආපදාවට ලක්වූ පිරිස් මුදාගැනීමේ හා ආවේක්ෂණ කටයුතු සඳහා එක්වෙයි.
දිවයින පුරා දරුණු කාලගුණයක් ඇති කරන බැවින්, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා, කොළඹ නැංගුරම් ලා ඇති INS Vikrant ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් හෙලිකොප්ටර් යෙදවීමට ඉන්දියාව කටයුතු කර තිබුනා.
මෙම ගුවන් යානයෙන් ඉන්දීය ගලවා ගැනීමේ අනු ඛණඩ දෙකකට අයත් භටයින් 76 දෙනෙකු සහ කාන්තා භටයින් 04 දෙනෙකු වශයෙන් සමස්ථ භටයින් 80 දෙනෙකු පැමිණ සිටින බව වාර්තා වේ.
එසේම මෙම භටයින් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් 04 දෙනෙකු, බෝට්ටු 18 ක්, විදුලි ජනක යන්ත්‍ර ඇතුළු මෙම භටයින්ගේ ක්‍රියාන්විත සදහා අවශ්‍ය විශාල භාණ්ඩ තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුණ බව වාර්තා වේ.