මාවිල්ආරු කැඩුණු වෙලේ ගංවතුරට හිරවුණු ජනතාව බේරගන්න ජනාධිපති ගහන ගේම මෙන්න!

images 2024 12 13 he large

ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක්, Jet Ranger (206) හෙලිකොප්ටර් යානයක් සහ KA 360ER ආවේක්ෂණ ගුවන් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් අද (30) මාවිල්ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා යොදවා ඇත.

 ශ්‍රී ලංකා යුධ හමුදාවෙ විසින් මේ වනවිට 121 ක් දෙනෙකු ඉන් මුදවාගෙන ඇති බවද වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍යයන්ත්‍රණය මේ වන විට මැදිහත් වෙමින් තිබෙන බව වාර්තා වේ.

whatsapp image 2025 11 30 at 4.58.25 pm

තවද, කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පැවති කාලගුණ තත්වය හේතුවෙන් මාර්ගය දෙපස පිහිටි ගස් මාර්ගයට කඩාගෙන වැටුණු අවස්ථා කිහිපයක්ම වාර්තා වූ අතර. බැඳිවැව සහ පොළොන්නරුව දීප උයන ඉදිරිපිට මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන පරිදි ගස් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

පොළොන්නරුව මහා නගර සභා පුරපතිගේ උපදෙස් මත පොළොන්නරුව මහා නගර සභා ගිනි නිවීමේ ඒකකයේ පුර්ණ මැදිහත් වීම සමගින් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් එම බාදක ඉතාමත් කෙටි වෙලාවක් තුළ මාර්ගයෙන් ඉවත් කර වහාන ගමනා ගමනයට සුදුසු තත්වයට සකසා දීමට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා අදාල නිළධාරීන් සම්බන්ධීකරණය කරමින් උපදෙස් දෙමින් සිටින වීඩියෝවක් තිබේ.