මෙහෙම මනුස්සයෙක්!

591861584 1433326944830197 8836042586915662887 n

අනුර කුමාර සහ ජනපතිධූරය යනුවෙන් -Mihiranga Pabasara Basnayaka-ලියූ සටහනක් සමාජ ජාලතුල සංසරණය වෙයි.

මම මගේ අවුරුදු 26ට ම දැක්ක තමන්ගේ මිනිස්සු ගැන උපරිම සහකම්පනයක් සහිත ජනපති ව මම මේ ව්‍යසනයෙදී දැක්කා. ඔහුගේ ක්‍රියා පිලිවෙත හරිම ප්‍රසංසනීයයි මේ අවස්ථාවෙදි.

නිදිමරාගන තමන්ගේ රටේ මිනිස්සු බේරගන්නවා බලාගෙන හිටපු ජනාධිපති කෙනෙක් මම දැකලා නැ. තමන්ගේ VIP service helicopters මිනිස්සු බේරගන්න යවපු ජනාධිපති කෙනෙක් ගැන මම අහලා නැ. ඔහු හොඳ අවබෝදයකින් සියළු දේ මෙහෙයවනවා පේනවා.

591652814 1433326914830200 823807844169156159 n

ඒ වගේම මගේ ආදරනීය මිනිස්සු තේරුම්ගතයුතු දේකුත් තියෙනවා. ස්වාභාවික විපත් වලදි දේශපාලකයෝ තමන්ව බේරගන්න වත් ඔයාලව බලලා යන්නවත් එන්න ඕන කියන දුර්මතය අයින් කරගන්න ඕන. අපි පත්කරලා යවන්නේ policy makers ලව. එහෙම නැතිව සහන සේවකයෝ නෙවෙයි. එයාලා policies ටික හදලා දුන්නම රාජ්‍ය යාන්ත්‍රනයයි ඔයාලව බලාගන්න ඹ්න. ඒ තමයි අපේ ආදරණිය රණවිරුවෝ ටික. එයාලා ඔයාලා ගාවට ආවා කියන්නේ ඔයාලගේ රජය ඔයාලා ගාවට ආවා කියන එක තමයි.

ඔයාලා ගොඩක් දේවල් තේරුම් ගනි මේ post crisis period එකේදි. නිවැරදි නායක්වයකට මොනවද කරන්න පුළුවන් කියලා.

දේශපාලනය පැත්තකින් තියලා මේ මනුස්සයට අපි උදව් කරන්න ඕන. අවසාන වශයෙන් අපි වාසනාවන්ත උනා සහකම්පනයක් සහිත නායකයෙක් ලබන්න.

ගොඩක් ප්‍රදේශවලට කලින්ම කියලා තිබ්බා ඉවත්වෙන්න කියලා. ඒ වෙලාවේ යන්නේ නැතුව අන්තිමට පවතින රජයට බනින එක මෝඩකමක්. ඒ වගේම මේක මුළු රටටම වෙච්ච විනාසයක්. අපි helicopter 4 කින් මෙහෙමවත් game එකක් ගහපු එක මාර මිරකල් එකක්. ඒකට නම් රෙස්පෙක්ට් Sri Lanka Army – Defender of the Nation !

ඒවගේ ම අපි තේරුම් ගන්න ඕන වෙනදට රටේ එක පැත්තකට විතරයි මේ වගේ ප්‍රශ්න වෙන්නේ. එතකොට අපිට ඒක handle කරගන්න පුළුවන් easily. නමුත් මේ වියසනය වෙනස්. අපි පෝසත් රටක් නෙවෙයි. අපේ army එක අවම පහසුකම් එක්ක තමයි ඔයාලා බේරගන්න එන්නේ. එතකොට ප්‍රමාද දෝෂ සිද්දවෙන්න පුළුවන්. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕන.

අන්තිමට මට කියන්න තියෙන්නේ අපි ආයි නැගිටිමු. දැන්වත් රජයට ඇහුම්කන් දීලා කැළණි ගංගා ද්‍රෝනියෙන් අයින් වෙමු. එකතු වෙමු. අපේ නායකයට මේක ගොඩ ගන්න උදව් කරමු. ඔබ කැමති උනා හෝ අකමැති උනා ඔහු අපි හැමෝගෙම නායකා මිස පැලවත්තේ නායකයි නොවෙයි.

මගේ රටේ මිනිස්සු සැනසේවා!!

-Mihiranga Pabasara Basnayaka-