සුනාමියට මුවාවුණු හෙල්පින් සුනාමිය

Helping Hambantota

රටට ඇතිවෙන ඕනෑම ආපදා තත්වයකදී අපට මතක් වෙන්නේ 2004 ඇතිවුන සුනාමි තත්ත්ව, 2000න් කලින් ඉපදුන, දැනුමක් තේරුමක් තියෙන හැමකෙනාටම ලාවට හරි ඒක මතකයි. එතකොට මහින්ද රාජපක්ෂ රටේ අගමැති, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනධිපති

හැම අවුරුද්දකම දෙසැම්බර් 26 අපි සුනාමිය මතක් කරන හැම අවස්ථාවකම අපිට මතක් වෙන තවත් නමක් තමයි මහින්ද රාජපක්ෂ. ඒ කාලේ “හෙල්පින් හම්බන්තොට” ගිණුම දේශපාලන වේදිකාවේ රසවත් කතාවක්. සුනාමියෙන් විපතට පත් ජනතාවට සහන ලෙස කෝටි ගණනින් විදේශ ආධාර ලංකාවට ගලා ආව, ආධාර ලැබෙන හැම මොහොතකම වගේ ඒ මුදල්වලින් වැඩි හරියකට වෙච්ච දේ මහින්ද රාජපක්ෂ කියන නම අහපු ගමන් කාටත් හිතාගන්න පුළුවන්.

මේ ආධාර මුදල්වලින් වැඩි ප්‍රමාණයක් “හෙල්පින් හම්බන්තොට” නමින් පෞද්ගලික ගිණුමකට දාගත්තා කියලා මහින්ද රාජපක්ෂට එරෙහිව දූෂණ හා වංචා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් පවා ලැබිලා තිබුනා. තවත් මූල්‍යාධාර තොගයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනමට දාගත්තා කියලත් චෝදනා එල්ල වුණා. අර දෙමාව්පියන්ගේ සොහොන හදන්න රජයේ මුදල් වියදම් කළා වගේ වැඩක් තමයි ඒකත්. ඒ නඩුවෙන් නම් ගෝඨාභය රාජපක්ෂ ගැලවුනේ ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා. කොහොමහරි 2004 වෙච්ච ඒ සුනාමි වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 830ක් ඒ කියන්නේ මිලියන 80ක්, කෝටි 8ක්. මේක 2004 වෙච්ච වංචාවක් කියල මතක් කරගත්තම අපිට මුදලේ ප්‍රමාණය ගැන හිතාගන්න පුළුවන්.

hh6

ඒ කාලේ මේකට විරුද්ධව දාපු පැමිණිලිවලට අනුව මේ කියන වංචා ගැන හොයලා වැරදිකරුවන්ට දඬුවම් කරනවා වෙනුවට සිදුවුණේ පැමිණිල්ල මෙහෙයවපු අයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරපු එක… ඒ කියන්නේ අර ගෝඨාභය ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් කියලා දාපු පිස්සු පූසා කොමිසම වගේ කතාවක්, ඒක තනිකරම රටේ නීතිය කණපිට ගැසීමක්. පැමිණිලි කරපු මිනිහා වැරදිකාරයා වෙනවා, වැරදි කරපු මිනිහා පැමිණිලිකාරයා වෙනවා.

සුනාමි වංචාවලට එරෙහිව යුක්තිය ඉටුවීම කොහොමවෙතත් “හෙල්පින් හම්බන්තොට” ගිණුම ගැන මහින්දට එරෙහිව පරීක්ෂණ කිරීමෙන් එයාගේ මූලික අයිතිවාසිකම් කඩ වුනා කියලා මහින්ද රාජපක්ෂම නඩුවක් ගොනුකරලා තියනවා. ඒ නඩු තීන්දුවත් නොපමාව ලැබිලා. ඒ කැකිල්ලේ තීන්දුව අනුව හෙල්පින් හම්බන්තොට වංචාව ගැන විමර්ශන කරපු රහස් පොලිස් නිලධාරියා ඇතුළු තුන්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් මහින්ද රාජපක්ෂට වන්දි ගෙවන්නත් සිදුවෙලා තියනවා. සුනාමියෙන් හොරාකාපු සල්ලිත් මහින්දට පරීක්ෂණය කරපු නිලධාරීන්ගේ වන්දිත් මහින්දට. පරිසමාප්ත අර්ථයෙන්ම “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” කියන්නේ මේකට.

මේ නඩු තීන්දුව ඉතිහාසයේ අපකීර්තිමත්ම නඩු තීන්දුව කියලා ඒ කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඊට අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නේ 2014 දේශපාලන වේදිකාවක පාපොච්චාරණය කලේ මේ විදියට ‘මුළු රටෙන්ම මං ඉල්ලනවා… සමාවෙන්න මට… සමාවෙන්න මට…’. කොහොමහරි එදා “හෙල්පින් හම්බන්තොට” නඩුවෙන් චූදිතයා වුන මහින්ද රාජපක්ෂ හිරේ නොයැවීම වෙනුවෙන් හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා ජාතියෙන් සමාව ගත්තා කියලා ඉතිහාසයේ ලියවිලා තියනවා.

රාජපක්ෂ අතීතය ඒ විදියට කළු පාටින් ලියවිලා තියෙද්දි බේබි රාජපක්ෂ දැන් ‘ආදරය’ කියල වැඩක් පටන් අරන්. ඒක ගංවතුර නිසා විපතට පත් දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නලු. මේක දකින බත් කන හැම මිනිහටම හිනාවෙන්න ඕන තැනනම් හිතාගන්න බැරි වෙනවා. මහින්ද ඊළඟ මැතිවරණයෙන් ජනාධිපති වෙනවා කියලා දැන දැනම 2004 අගමැති වෙලා ඉද්දි අවතැන් වෙලා හිටපු මිනිස්සුන්ගේ කොටි 8කට වැඩේ දුන්නනම්, මැතිවරණයක් දිනන්න බැරුව මුළු රටේම ඡන්ද ටික පාවිච්චි කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු දෙකයි පනහෙ නාමල් ගැන කවර කතාද