රොනාල්ඩෝ නිසා ෆිෆා දෙබිඩි වැඩක

cristiano ronaldo portugal 640x400

පෘතුගාලය සහ අයර්ලන්ත ජනරජය අතර පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරඟයේදී ශ්‍රේෂ්ඨතම සහ බලගතුම ක්‍රීඩකයා ලෙස රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලැබුණි.

FIFA නීති රීති අනුව ඔහුට තරඟ තහනමක් ලැබිය යුතුව තිබුණි, නමුත් FIFA ඔහුට ලබා දුන් තරඟ 3 ක තහනම අත්හිටුවීමට තීරණය කළේය.

බොහෝ පුද්ගලයින් පැවසුවේ රොනාල්ඩෝ FIFA වෙත අල්ලස් ලබා දී ඇති බවයි, සමහරු පැවසුවේ ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ගිය අවස්ථාවේදී මෙම ගැටලුව සාකච්ඡා කර ඇති බවයි.

මෙම චෝදනා සමඟ සමහර පාපන්දු විශ්ලේෂකයින් යෝජනා කළේ ඔහුට ජාත්‍යන්තර තරඟ 225 කදී කැළැල් වාර්තා ඇති බැවින්, අනෙක් අතට FIFA ප්‍රකාශ කළේ ඔහුගේ අනෙකුත් ජාත්‍යන්තර තරඟ 225 කදී ඔහුට රතු කාඩ්පතක් නොලැබුණු නිසා රතු කාඩ්පත/තරග තහනම අවලංගු කළ බවයි.

සාමාන්‍ය ක්‍රමය අනුව රතු කාඩ් පත ලැබූ පසු තරග තුනක තහනමක් ඔහුට FIFA එක පනවන්නට වුණා. ඒ “ප්‍රචණ්ඩකාරී හැසිරීම” හෝ බරපතළ නීති විරෝධී ක්‍රීඩාවක් ලෙස විනිශ්චය ලබමිනි. රොනාල්ඩෝ පෘතුගාලය සහ අයර්ලන්තය අතර තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයකුට වැළමිටෙන් පහර දීම නිසා මෙම දඬුවමට යටත් විය.

එළැඹෙනුයේ ලෝක පාපන්දු තරගාවලියය. ඊට පෙර පෘතුගාලයට ඇත්තේ එක් තරගයක් පමණි. රොනාල්ඩෝගේ දඬුවම අනුව මෙම එක් තරගයක් ලෝක කුසලානය තුළ ප්‍රථම තරග දෙකක් අහිමි වේ. එය පෘතුගාල කණ්ඩායමට බරපතළ අවාසියකි. රොනාල්ඩෝටත් එය එසේමය. එහෙත් FIFA ප්‍රකාශ කළේ රොනාල්ඩෝගේ තරග දෙකක් වසරක පරිවාස කාලයක් දක්වා කල් දමන බවය. මේ පරිවාස කාලය තුළ රොනල්ඩෝ මෙවැනි වැරැදි ක්‍රියාවක් කළහොත් තහනමේ ඉතිරි තරග දෙක ක්‍රියාත්මක වේ. මේ තනිකරම FIFA නීති නම්

රොනාල්ඩෝට දුන් පාපන්දු වරමකි. ලෝක කුසලාන තරග දෙකක් යනු එම කණ්ඩායමේ ඉදිරිය තීරණය වන තරග දෙකකි. රොනාල්ඩෝට නිවැරැදි ක්‍රමයට තරග තහනම ක්‍රියාත්මක වූයේ නම් පෘතුගාලය ලෝක කුසලානයේ මුහුණ දෙන මුල්ම තරග දෙක අහිමිය. එය හය වැනි වරට ලෝක කුසලානයකට මුහුණ දෙන රොනාල්ඩෝ පාපන්දු කතාවේ අවාසනාව නිතට පරිච්ඡේදයක් වනු ඇත. FIFA  එම ඉරණම වෙනස් කර ඇත. එය රොනාල්ඩෝට යහපතක් වුවත් ක්‍රීඩාව හා බැඳි සදාචාරාත්මක බැමි ලිහා යන වැඩකි.

ගිය සතියේ රොනාල්ඩෝ පිළිබඳ පුවත් මැවුණේ ඔහු ධවල මන්දිරයට ගිය ගමන අනුවය. එහිදී ඔහු FIFA සභාපති ජියානි ඉන්ගන්ටිනෝහා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසුණා. එම සෙල්ෆි ඡායාරූපද වඩා කතාබහට ලක් විය. රොනාල්ඩෝ දැනට වසර කිහිපයක සිට ක්‍රීඩා කරනුයේ සෞදි කුමරාට වැඩි කොටස් ඇති ලීගයේය. ලොව පාපන්දුව මෙන්ම පාපන්දු ක්‍රීඩකයන් එහා මෙහා කරන මැජික් යෂ්ටිය ඇත්තේ සෞදියට බව කාලයක පටන් නොරහසකි.

පාපන්දු නීතිය වෙනස් කරමින් රොනාල්ඩෝට අමුතු වරප්‍රසාදයක් ලැබීමට ඉහත හමු උපකාරි වූ බව නොරහසක්. එය ඇත්තටම දැමූ වංගුවක්. පාපන්දු ලෝකය තුළ රොනාල්ඩෝ චරිතයක්. එහෙත් මේ සිද්ධ වූයේ පාපන්දුවට අවැඩකි. ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) දෙබිඩි ප්‍රතිපත්තියත් මේ අනුව හොඳාකාරවම තහවුරුය.