කොරේ පිටට මරේ. හෙට සිට තවත් ප්‍රහාරයක්!

1310916 red alert

ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ රැසකට යළිත් වරක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඊසාන දිග මෝසම දෙසැම්බර් 04 වන දා ආරම්භ වීමට නියමිත වුව ද, වැසි තත්ත්වය වර්ධනය වන්නේ, දෙසැම්බර් 09 වන දා සිට බව මෙරිල් මෙන්ඩිස් පැවසීය.

ඒ අනුව, එදිනට පසු මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බව ඔහු සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසූ පරිදි, මෙම තත්ත්වය බලපාන්නේ, උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලට ය.

ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමෙන් පසු යළිත් වර්ෂාව ඇති වන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවලට ම වීම විශේෂත්වයකි