ඔවුන්ට ඉන්න බව දැනෙන්න දෙන්න!

593590827 10235110983289767 6081786613434581585 n (1)

මේ වනවිට දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් බොහෝ දෙනකු දැඩි ආපදා තත්ත්ව­ය­කට මුහුණ දී සිටිති. එයින් එදි­නෙදා ජීවි­ත­යට සිදු වූ බල­පෑම ද සුළු­පටු නොවේ. සමාජ මාධ්‍ය මෙන්ම ජන­මාධ්‍ය ඔස්සේ මුදා හරිනු ලබන තොර­තුරු ප්‍රවා­හය දැන් දැන් මිනිස් මන­සට අහි­ත­කර අන්ද­මට ද බල­පෑම් එල්ල කර­න්නට ද සමත් වේ. තම හිත­ව­තුන්ගේ වියෝව, තමන් නිතර දෙවේලේ ගනු­දෙනු කළ පරි­ස­රය යනා­දිය විනා­ශ­යට පත් වීම සහ ඒවා පිළි­බඳ තොර­තුරු නිතර නිතර දකි­න්නට, අස­න්නට ලැබීම මිනිස් මන­සට එත­රම් සුබ­වාදී නොවේ. එසේ හෙයින් මෙවන් අව­ස්ථා­වක තම මාන­සික සෞඛ්‍යය කෙරෙහි එල්ල විය හැකි අව­දා­නම ගැනත්, සංවේදී හා පීඩා­කාරී තොර­තුරු සමඟ මාන­සික සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේ ද? යන්න ගැනත් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා පීඨයේ ආචාර්ය මනෝජි හරි­ස්චන්ද්‍ර සමඟ කළ සාක­ච්ජා­වක් ඇසු­රින් මෙම ලිපිය සැකැසේ.

ඕනෑම ව්‍යස­න­ය­කදී අපිට දකි­න්නට ලැබෙන්නේ අභ්‍ය­න්ත­ර­යෙන් ශරී­ර­යට ඇති වූ ආබාධ, කැලල් සහ දේපළ විනාශ වීම්ය. ඊට අම­ත­රව තමන්ගේ ඥාතීන් සහ හිත­ව­තුන්ගේ මරණ දකි­න්නට ලැබෙ­නවා. ඒත්, ජීවත්ව සිටින පුද්ග­ල­යන්ගේ ඊටත් වඩා දරු­ණු­වට මනස ආශ්‍රි­තව පව­තින කැලල් සහ චිත්ත­වේ­ගය පැවැ­තිය හැකියි. පුද්ග­ල­ය­කුට ඇති­වන අහි­මි­වීමේ වේද­නාව අපිට මේ යැයි විස්තර කර කීමට නොහැ­කියි. අහිමි වීමේ වේද­නාව ඉතාම ශෝකා­කූ­ලයි. ජීවිත කාලය පුරාම තමන් ඉපැයූ දේපළ අහිමි වීම, ආර්ථි­ක­යක් අහිමි වීම, ළඟම සිටිය ඥාතී­න්ගෙන් තමන්ට බොහෝ සෙයින් ආද­රය කළ අය­ගෙන් වෙන්වී­මට සිදු­වීම, ඒ මතක එක්ක ගොඩ­නැ­ඟෙන ශෝක­යත් ඉතාම සංකී­ර්ණයි. මේවාගේ පුද්ග­ල­යන් සුව­පත් කිරීම එත­රම් පහසු කට­යු­ත්තක් නොවේ.

01int srilanka damage cfhv superjumbo

ව්‍යස­න­ය­කින් පසු ඇති­වන කම්පනය

ආර්ථි­කය යථා තත්ත්ව­යට ගෙන ඒම හෝ විනා­ශ­යට පත් වීම හෝ කඩා බිඳ වැටී­මට ලක් වූ නිවාස සහ දේපළ නැවත ගොඩ­නඟා ගැනී­මට හැකියි. ඒත්, එත­රම් ලෙහෙ­සි­යෙන් මනස සුව­පත් කර­ගන්න බැහැ. ව්‍යස­න­ය­කින් පසුව ඇති­වන කම්පන තත්ත්වය දැන් පව­ති­නවා. ඒක දිගු­කා­ලී­නව පැව­තී­මට ඉඩ­කඩ පව­ති­නවා. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍ර­ම­තාව (Post-Traumatic Stress Disorder – PTSD) දක්වා මෙය වර්ධ­නය විය හැකියි. ඥාතීන්, හිත­ව­තුන් පෙනි පෙනීම පස් කඳු­ව­ලට යට වෙනවා. වතුරේ ගසා­ගෙන යනවා. තමන්ට කිසි­වක් කර කියා­ගත නොහැකි වුණා. මේ වගේ දරා­ගත නොහැකි මාන­සික තත්ත්ව­යන් නැවත මතක් වීම තුළ ඇති­වන මාන­සික කම්ප­නය හුඟක් ගැඹු­රුයි. ඒක හරිම පීඩා­කා­රියි. එවැනි අව­ස්ථා­ව­ලදී එවැනි පුද්ග­ල­යන්ගේ මාන­සික මට්ටම වර්ධ­නය කිරීම සහ දිරි­මත් කිරීම සඳහා විශාල වැඩ­ස­ට­හන් ප්‍රමා­ණ­යක් සකස් කළ යුතුයි.

අපි තව­දු­ර­ටත් ව්‍යසයේ යම් කොට­සක් පසු­ක­ර­මින් සිටි­නවා. ආප­දා­වට පත්වූ­වන් තව­දු­ර­ටත් කඳ­වු­රු­වල හෝ ඔවුන්ගේ නිවාස සහ ගම්බි­ම්වල නැහැ. පන්ස­ලක, දේව­ස්ථා­න­යක හෝ පාස­ලක හෝ ඔවුන් සිටි­නවා. තමන් ජීවත් වූ පරි­ස­ර­යට නැවත යෑමට නොහැකි යැයි ඔවුන්ට දැනෙ­නවා. අව­තැන් වීම සරල දෙයක් නොවෙයි. සුපු­රුදු පරි­ස­ර­යෙන් අනාථ හැඟී­මෙන් ජීවත් වීමට සිදු­වීම දැඩි මාන­සික බල­පෑ­මක්. ඒ නුහු­රුව දරා­ගැ­නීම සහ එම මාන­සික මට්ටම කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­ම­ටත් ඔවුන්ට යම් කාල­යක් ගත වෙනවා.

01int srilanka damage zkfh 04 hfkm superjumbo

මනෝ­විද්‍යා උප­දේ­ශන

ව්‍යස­න­යට මුහුණ දීමත් සමඟ හිංසා­කාරී, ආත­ති­මය සහ ප්‍රච­ණ්ඩ­කාරී තත්ත්ව­යන් සම­හර අයට ඇති­වී­මට ඉඩ තිබෙ­නවා. සමාජ කාර්ය­යක් ලෙස එවැනි පුද්ග­ල­යන් රැක ගැනී­ම­ටත්, මැදි­හත් වීමට අපිට සිදු­ව­නවා. කොප­මණ මනෝ­විද්‍යා උප­දේ­ශන ලබා දුන්නත්, කොප­මණ ආගම දහ­මට නැඹුරු කළත් ඔවුන්ව ගලවා ගැනීම, යථා තත්ත්ව­යට පත් කිරීම සිතන තරම් පහසු කරු­ණක් නම් නොවේ. ඔවුන් තුළ ඉච්ඡා­භං­ග­ත්වය, ආත­ති­ය­කින් ඔවුන් පීඩා විඳි­නවා. අන් අය කෙරෙහි වෛර කර­න්නට පෙල­ඹෙ­නවා. ස්වභා­ව­ධ­ර්මය තමන්ට දඬු­වම් කළේ යැයි ඔවුන් තුළ නිග­ම­න­යක් ඇති­වී­මට හැකියි.

පුද්ගල මනස තුළ අවි­ශ්වා­සය ගොඩ­නැ­ඟී­ම­ටත් හැකියි. ඒ වගේම විවිධ මාන­සික ව්‍යාධි ඔස්සේ වෙනත් ඇබ්බැ­හි­වී­ම්ව­ල­ටත් හුරු­වී­මට හැකියි. ඔවුන්ගේ පෞරු­ෂය බිඳී විනා­ශ­කාරී තත්ත්ව­යන් වෙත ගමන් කිරී­මට හැකියි.

සමා­ජ­යීය බිඳ වැටී­ම­කුත් දකි­න්නට තිබෙ­නවා. ඒක සාමා­න්‍යයි. සැමට එක අයු­රින් දරා­ගැ­නීමේ හැකි­යා­වක් නැහැ. සමාජ මාධ්‍ය, සජීවී රූප­වා­හිනී මාධ්‍ය සහ සෑම කෙනකු ළඟම තිබෙන ජංගම දුර­ක­ථන හරහා ව්‍යස­න­යට ලක් වූ අය පිළි­බඳ සහ ඔවුන් මුහුණ පෑ පීඩාව දකි­න්නට ලැබුණා. තමන් කිසිදු පීඩා­ව­කට ලක් නොවු­වත්, අත්දැ­කීම වෙනත් අයු­ර­කින් විඳ­ගන්න ලැබුණා. අපේ ජන­තාව බොහො­ම­යක් දෙනා තුළ වූ සහ­ක­ම්ප­නය හේතු­වෙන් තමන්ට වුණා වගේ හැඟී­ම­කින් පසු­ව­නවා. මෙවැනි සජීවී අත්දැ­කීම් ජන­තා­වට ලැබුණු දරුණු පාරි­ස­රික ව්‍යස­න­යක් මීට පෙරදී දැකලා තිබුණේ නැහැ. ඒ නිසා දරා­ගැ­නී­මට කාල­යක් ගත වෙනවා.

මාන­සික සමා­ජ­යීය බිඳ­වැ­ටීම නිසාත් පුද්ග­ල­යාට මාන­සික සහ ආර්ථික වශ­යෙ­නුත් කාල­යක් යැපෙ­න්නට සිදු විය හැකියි. ඇතැ­මුන්ගේ කෘෂි කාර්මික කට­යුතු අඩා­ලයි, තවත් අය­කුගේ වෙළෙඳ ව්‍යාපාර, කඩ සාප්පු ජල­යෙන් යට­වෙලා. ඒ සිය­ල්ලක්ම ඔවුන් නැවත වරක් යථා තත්ත්ව­යට පත් කර­ගත යුතුයි. ඒ සඳහා යම්කිසි කාල­යක් වැය වෙනවා. ඒවා ජීවිත අර්බුද ලෙස දැකිය හැකියි.

01int srilanka damage 01 jzwt superjumbo

සානු­ක­ම්පිත හැඟීම්

මේ නිසා මාන­සික සන්සු­න්භා­වය, මාන­සික සුව­පත් කිරීම අත්‍ය­ව­ශ්‍යයි. එය තනි පුද්ග­ලයා ලෙසත් සමූ­හ­යක් ලෙසත් සිදු කළ යුතුම දෙයක්. එක් පුද්ග­ල­යෙක් පම­ණක් සුව­පත් කිරී­මෙන් සෑහී­මට පත්විය නොහැ­කියි. එක් පුද්ග­ල­ය­කුගේ මාන­සික තත්ත්වය කෙරෙහි ඔහු වටා පිරි­සගේ චර්යා­ව­නුත් බල­පා­නවා. ඒ නිසා සාමූ­හි­කව සමස්ත ජන­තාව සුව­පත් කිරීම අව­ශ්‍යයි. ව්‍යස­න­යට මුහුණ දුන් සහ නොදුන් යන දෙපි­රි­සම සුව­පත් විය යුතුයි. සානු­ක­ම්පිත හැඟීම් ඇති­වන්නේ එවි­ටයි.

අපේ අස­ල්වැ­සි­යාගේ දොර අහිමි වෙලා සිටින විට සංවේ­දීව ඒ කෙනා දෙස බැලී­මට, තේරුම් ගැනී­මට සහ වහා ක්‍රියා­ත්මක වීමට සිත යොමු වන්නේ එවි­ටයි. සංවේ­දීව අනෙකා දෙස බැලීමේ වග­කීම සහ වග­වීම ඇති­වන්නේ එවි­ටයි. වෛද්‍ය ප්‍රති­කාර, මනෝ සමාජ ප්‍රති­කාර, ආධාර අනි­වා­ර්ය­යෙන්ම ලබා­දිය යුතුයි. ඒ වාගේම සමාජ සබ­ඳතා ගොඩ­නඟා ගැනීම සහ බැඳීම් ඇති කර­ගැ­නීම සඳහා මාන­සික මඟ පෙන්වී­මක් අව­ශ්‍යයි. දෙවැනි ලෝක යුද්ධය හරහා සිදු වූ ව්‍යස­න­යේදී මිනි­සුන් ඇසුවේ එක ප්‍රශ්න­යයි. ‘ මොකක්ද මේ ජීවි­තයේ අරුත ? Ò මේ වගේ දාර්ශ­නික සිතු­වි­ල්ලක් ඇති­වීම පොදු කාර­ණ­යක්. සියල්ල අහි­මිව එක් අයකු දිවි ගල­වා­ගෙන සිටි­නවා විය හැකියි. යන්න එන්න තැනක් නැතිව අව­තැන් ස්ථාන­යක සිටි­නවා විය හැකියි. එහෙම පුද්ග­ල­යකු යථෝක්ත ආකා­රයේ දාර්ශ­නික හැඟී­ම­කට ඒම හරිම සාමා­න්‍යයි.

ඒ සඳහා සාර්ථක පිළි­තු­රක් දීම‌ට යම් කෙනකු පුද්ග­ල­ය­කුට සිටිය යුතුයි. ආග­මික හෝ සංස්කෘ­තික හෝ අර්ථ­වත් පිළි­තු­රක් ලබා­දී­මට හැකියි. ව්‍යස­න­යට මුහුණ දුන් ඇතැම් පුද්ග­ල­යන්ට තම­න්ගේම අය තව­දු­ර­ටත් තමන් සමඟ ඉඳී­මට හැකියි. ඒත්, ඔවුන් අතර පැවැති බැඳීම් අඩු­විය හැකියි. ඊට වඩා වැඩි පීඩ­න­ය­කින් සිටි­නවා විය හැකියි. ඒ නිසා මනෝ­වි­ද්‍යා­ත්මක හා මනෝ සාය­නික මඟ පෙන්වී­මක්, සහා­යක් මේ අයට අව­ශ්‍යයි.

අද සන්නි­වේ­ද­නය ඉතාම දියු­ණුයි. ඒත් එය අද භාවිත කළ යුතු වන්නේ පුද්ග­ල­යාව දිරි­මත් කිරී­ම­ටයි. ඒ හරහා කිසි­සේත්ම වේද­නා­ත්මක මඟ පෙන්වී­මක් නොවිය යුතුයි. ව්‍යව­සන ස්වාභා­වි­කයි. අපි කාටත් ඒ සඳහා කොයි මොහො­ත­කදී හෝ මුහුණ දීමට සිදු වේවි. අපේ ආග­ම්ව­ලි­නුත් කියා­දෙන්නේ ‘මේ මොහෙතේ අපි ළඟ තිබෙන සිය­ල්ලක්ම අපිට යම් දිනෙක අහිමි වේවි Ò කියන පණි­වු­ඩ­යයි.

01int srilanka damage 02 jzwt superjumbo

ධනා­ත්මක දිරි­ගැ­න්වීම්

පීඩා­වට පත් අයට ධෛර්ය, ශක්තිය ඇති­වීම සඳහ සක්‍රිය සන්නි­වේ­ද­න­යක් ලබා­දිය යුතුයි. අහි­මි­වීම්, ස්වාභා­වික අහි­මි­වීම් සහ ලෝක ස්වභා­වය පිළි­බඳ පැහැ­දිලි වටහා දීමක් ඒ හිත්වල ජනිත කළ යුතුයි. ඒත් මේක හිතනා තරම් පහසු කරු­ණක් නොවෙයි. පැය­කදී දෙක­කදී හෝ මාස­ය­කදී කළ හැකි දෙයක් නොවේ. ඒත්, ජීවි­තය දිරි­මත් කිරීම කළ යුතුයි. ‘අපි ජීවත්ව සිටි­නවා සහ ජීවි­තය රැක­ගෙන ඉදි­රි­යට යා යුතුය’ යන්න ඒ මනස් තුළ ඇති කීරීම අව­ශ්‍යයි.

කම්ප­නය සහ පීඩා­වට පත්වූ විට එම පුද්ග­ල­යාව යොමු කළ යුත්තේ ධනා­ත්මක දිරි­ගැ­න්වීම් සඳහා පම­ණයි. නැති වූ වටි­නා­කම් ඇති­කර ගැනීම, ඉදි­රි­යට යන්න සහ රැක­ගන්න එම පුද්ග­ල­යාව දැනු­ම්වත් කළ යුතුයි. විශේ­ෂ­යෙන්ම ධනා­ත්මක වෙන­ස්කම් සඳහා දිරි­මත් කළ යුතුයි.

සංස්කෘ­තිය සහ ආගම වත්පි­ළි­වෙත් හරහා පුද්ගල ආකල්ප වර්ධ­නය සිදු කෙරෙ­නවා. ඒ නිසා එවැනි වටා­පි­ටා­වක සිට කට­යුතු කිරීම වැද­ගත්. ඒ හර­හාත් මනෝ විද්‍යා­ත්මක මඟ පෙන්වී­මක් සිදු­ව­නවා. ඒ වගේම අධ්‍යා­පන වැඩ­ස­ට­හන් සහ ප්‍රජා සේවා හරහා මාන­සික ශක්තිය වැඩි­කි­රී­මට සහ දිරි­ගැ­න්වීම් සඳහා වැඩ­ස­ට­හන් අව­ශ්‍යයි. ව්‍යස­න­යේදී මුහුණ දුන් සිදු­වීම් සහ බැඳීම් අහි­මි­වීම සමඟ පශ්චාත් කාල­යේදී හුද­කලා වීම, මීට පෙර තමන්ට ලබා­දුන් වටි­නා­කම නැවත ලබා නොදී­මට ඉඩ­කඩ වැඩියි. මේ නිසා අධ්‍යා­පන සහ ප්‍රජා සේවා වැඩ­ස­ට­හන් ඇති කිරීම ග්‍රාමීය මට්ට­මින් කළ යුතුයි.

මාන­සික උප­දේ­ශ­නය සහ ප්‍රව­ර්ධ­නය මෙවැනි ප්‍රජා වැඩ­ස­ට­හන් ඔස්සේ ක්‍රියා­ත්මක කිරීම හරිම වැද­ගත්. ආර්ථික සංව­ර්ධ­නය, මහා­මාර්ග අලු­ත්වැ­ඩි­යාව, නිවාස හා පැවැති තත්ත්ව­යන් ගොඩ­නඟා දුන් පම­ණින් ජීවි­තය යළි හදා­ග­න්නට නොහැ­කියි. ‘අපි ඔබ සමඟ සිටි­නවා’ යන පණි­වු­ඩය ඔවුන්ට ලබා­දීම කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ මාන­සික සෞඛ්‍යය සුව­පත් කිරී­මත් අත්‍ය­ව­ශ්‍යයි.

ආචාර්ය මනෝරී හරිස්චන්ද්‍ර

දිනමිණ පුවත්පතෙනි