ලෝක කුසලානෙට කලින් තරඟාවලි 9ක්

xr:d:dafqres2s7c:39,j:5539830200770130551,t:23091207

ශ්‍රී ලංකාවේ හා ඉන්දි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට පෙර ශ්‍රී ලංකා පිලට විස්සයි20 තරග 6ක් හා එක්දින තරග 3ක් ලබා­දී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු යොදා ඇත. මේ ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග 9 ශ්‍රී ලංකා­වේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබීම විශේ­ෂ­ත්ව­යකි.

දඹුල්ල, කොළඹ හා මහ­නු­වර ක්‍රීඩාං­ග­ණ­ව­ලදී එකපෙළට පැවැ­ත්වෙන මේ ජාත්‍ය­න්තර ක්‍රිකට් තරග ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හොඳ පෙර­හුරු තරග කිහි­ප­යක් ලෙස සැලකේ.

මුලින්ම පාකි­ස්තාන ක්‍රිකට් කණ්ඩා­යම ලබන ජන­වාරි මස ශ්‍රී ලංකා­වේදී විස්සයි20 තරග 3කට එක් වීමට නිය­මිත අතර, අන­තු­රුව ජන­වාරි මාස­යේ­දීම එංග­ලන්ත පිල සමඟ එක්දින හා විස්සයි20 තර­ගා­ව­ලිය පැවැත්වේ.

පාකි­ස්තාන පිල වසර 10කට පසු ශ්‍රී ලංකා­වට පැමි­ණෙන අතර, අව­සන් වරට 2015 වස­රේදී පැමිණි පාකි­ස්තාන පිල විස්සයි20 තරග 2කදී ජය අත්කර ගත්තේය. එම වස­රේම පාකි­ස්තා­නය හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තර­ගා­ව­ලිය පාකි­ස්තා­නය 3-2ක් ලෙස ජය ගත්තේය.

එංග­ලන්ත පිල වසර 7කට පසු ශ්‍රී ලංකා­වේදී විස්සයි20 හා එක්දින තර­ගා­ව­ලි­ය­කට එක්වන අතර, අව­සන් වරට 2018දී පැවති විස්සයි20 තර­ග­යෙන් එංග­ල­න්තය ජය­ගත් අතර, එක්දින තර­ගා­ව­ලිය 3-1ක් ලෙස එංග­ල­න්ත­යට ජය හිමි විය.

පාකි­ස්තාන පිල දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ජන­වාරි 7, 9 සහ 11 දින­වල විස්සයි20 තරග තුන­කට ක්‍රීඩා කරන අතර, එංග­ලන්ත පිල කොළඹ ආර්. ප්‍රේම­දාස පිටි­යේදී ජන­වාරි 22, 24 හා 27 දින­ව­ලදී එක්දින තර­ගා­ව­ලි­යට හා පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩා පිටි­යේදී ජන­වාරි 30, පෙබ­ර­වාරි 1 හා 3 යන දින­ව­ලදී විස්සයි20 තරග තුනට එක්වනු ඇත.