අනුරට ‘අති විශේෂ’ ඇමතුමක්

1764665590 united states ambassador to india special envoy for south and central asia sergio gor president anura kumara dissanayake sri lanka 6

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක්ද පසුගිය සතියේ සිදුවී තිබේ. ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආපදා තත්ත්වය තමන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කර ඇති ඇමෙරිකානු විශේෂ නියෝජිතයා, ආදරණීයයන් අහිමි වූ පවුල්වලට සිය බලවත් ශෝකය පළ කළ අතර, මෙම අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව, ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවද අවධාරණය කර තිබිණි.

සර්ජියෝ ගෝර් යනු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අතිශය සමීපව කටයුතු කරන්නෙක් වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී සර්ජියෝ ගෝර් සමග මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදීද ගෝර් සඳහන් කොට තිබුණේ අවශ්‍ය ඕනෑම මොහොතක තමන් අමතන ලෙසත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ඍජුව තමන්ට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත්ය.