ඇමරිකාවෙන් එදා ආව රහස් යානා මෙදා ආධාර ගෙනෙයි

2024 08 02 us military exercise (1)

ලංකාවට ආසන්නයේ පිහිටි අමෙරිකානු කඳවුර වූ දියාගෝ ග්‍රාෂියා දිවයිනේ සිට සී-130 දරන දැවැන්ත ගුවන් යානා දෙකකින් ලංකාවට හදිසි ආධාර ලබාදීමට ඇමරිකාව කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේදී  ඇමෙරිකාව අතිශය රහසිගත ආකාරයට සී-130 වර්ගයේ දැවැන්ත යානාවක් ලංකාවට එවා තිබූ අතර, එදා ඇමෙරිකාව එම ගමන කොපමණ රහසිගත ආකාරයට සිදුකිරීමට පියවර ගත්තාද කියනවා නම් එදා ආණ්ඩුව මෙම ගුවන් යානයේ පැමිණි කණ්ඩායම කොළඹට කැඳවාගැනීම සඳහා අධිවේගී මාර්ගය පවා වසාදැමීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම පැමිණියේ කවුරුන්ද යන්න පිළිබඳ හෝ කිසිදු අනාවරණයක් කිසිදු මාධ්‍යයකින් සිදු නොකිරිණි. නමුත් මෙවර සී-130 ගුවන් යානා ආවේ ආපදා සහන රැගෙන ය.