සබීතාගේ බිල්ඩිම නිසා හිටපු කැබිනට් එකම අල්ලස් කොමිසමට

31inthvlrranilsirisena

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ගයන්ත කරුණාතික අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක රජය සමයේ කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු ලෙස සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කර තිබුණි.

අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක්  ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට කුලී පදනම මත ලබා ගැනීම සදහා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වූ සියලුම කැබිනට් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කොට ඇත. එම ගනුදෙනුව සිදු කිරීමේ සාකච්ඡා සිදුවූ අවසන් කැබිනට් රැස්වීම් 3ට සහභාගී වී සිටි කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාම මේ සතියේ සිට අල්ලස් කොමිසමට කැදවීමට සැලසුම් කොට ඇති එහි එක් පියවරක් ලෙස ගයන්ත කරුණාතිලක මහතාව කැඳවා තිබිණි.

එම ගොඩනැගිල්ල ලබාගැනීමේදී රජයේ මුදල් රු. කෝටි 66ක තැන්පතුවක් ලබා දී තිබෙන අතර ගොඩනැගිල්ල නැවත භාරදුන් පසු එම තැන්පතු මුදල ලබා දී නැති අතර අමාත්‍යාංශය විසින්ද එම මුදල් ලබා ගැනීමට කටයුතු කර නොමැති බව පැවසේ.එලෙස රජයේ මුදලින් තැන්පතු මුදලක් ලබා දීමේදී බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගත යුතු වන අතර එයද එවකට සිදුකර නොමැති අතර,දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබුණි.