විපතට පත් ලාංකිකයන්ට ලැබෙන විදේශ ආධාර නිසියාකාරව කළමනාකරණය කිරිම සඳහා අනුකමිටු පත්කර තිබේ.ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කමිටුව පත්කළේ ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ලබාදෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබා දීම වෙනුවෙනි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සභාපතීත්වය දරන එහි සාමාජිකයන් සංඛ්‍යාව 8 කි.
ආපදා කළමනාකරණය පිළිබද ජනාධිපති කමිටුව රැස්වු අවස්ථාවේදී එම තීරණය ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
මෙරටට ලැබෙන සියලුම ආධාර නිසි ලෙස දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම, ඒවා සුදුසු පුද්ගලයාට ලබාදීම වැනි කරුණු කාරණා පිළිබදව එහිදී සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කරයි.