දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර අරන් තිබ්බා. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයේ උප ලේකම් සී.ජී. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අස්සනෙන් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට අවස්ථා 25කදී මෙම අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන සහ ප්‍රකාශයන් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළා යනුවෙනි. විවිධ පාර්ශව පවසන්නේ ආණ්ඩුව මේගැන දැනගෙන නිහඩව සිටි බවය.මේ සියල්ල අතර ජනාධිපති අනුර සියලු කරුණුවලට අදාල තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සියල්ල ලැබුණුපසු තීරණාත්මක තීන්දු කිහිපයක් ගන්නට නියමිත බවත් පැවසේ.