විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර වශයෙන් ලැබෙන මහජන හා විදේස් ආධාර මුදල් එක රුපියලක් ගසා කෑමකින් හෝ හොරකම් කිරීමකින් තොරව එම විපතටපත් ජනතාවට ලැබෙනු ඇති බවට තමන් වහන්සේට ලොකු විශ්වාසයක් ඇතැයි ඕමල්පේ සොභිත හිමියන් ප්‍රකාශ කරති.” අපිට විශ්වාසයි මේ ලැබෙන මහජන ආධාර හා විදෙස් ආධාර හොර පාරෙ යන්නෙ නෑ කියලා.
වත්මන් ආණ්ඩුව යටතේ හොරකම් කරන එකක් නෑ කියලා අපිට ලොකු විශ්වාසයක් තියනවා, මොකද ඒ වගේ කණගාටුදායක අත්දැකීම් මීට පෙර ලැබිලා තියන නිසයි මෙහෙම කියන්නේ.
සුනාමි අවස්ථාවේ අපි දැක්කා නේ මොන තරම් වංචා දූෂණ වුනාද,
කොරෝනා වෛරසය වෙලාවේ දේශපාලන නායකත්වය මොනතරම් දූෂණ කළාද, කොමිස් ගැහුවද?, ඔවුන්ගෙ ඥාතීන්, ව්‍යාපාරිකයින් ඇන්ටිජන් කට්ටල වලින්, පී.සී.ආර්. කට්ටල වලින් කොයිතරම් නම් මුදල් සම්භාරයක් ගසා කෑවද?.
ජාතිය නැගී සිටින්නට තිබුණ ඒ අවස්ථාවල් ඔක්කොම පෞද්ගලිකත්වයට යට කරා, හොරකමට යට වුණා.
නමුත් අපිට විශ්වාසයක් තියනවා මේ යුගයේ එසේ වංචා දූෂන සිදුවෙන්නේ නෑ, මේ සෑම කොපි පොතක්ම, එකතුවෙන හැම රුපියලක්ම දුක් විඳින ජනතාවගෙ සුබසෙත සඳහා වැය කරනවා.
මහජනතාවගේ ආධාර, විදේශ ආධාර මේ සියල්ලම සංවිධානය කරගෙන, කළමනාකරණය කරගෙන වත්මන් රජය මේ විපතෙන් නැගීසිටින්නට අවශ්‍ය වැඩපිළිවෙල යොදනවා කියන විශ්වාසයෙන් තමයි අපි කවුරුත් වැඩ කරන්නේ.” යයිද ප්‍රකාශ කළා