ධූරය කුමක් වුවත් සේවය අප්‍රමාණයි- ජනපති අනුර

599924945 1444143950415163 8543677569291582186 n

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් පුහුණුවෙන් පසු විසිර යාම වෙනුවෙන් අද (13) පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී විය.

මෙරට ඉතා ගෞරවාන්විත සහ විනයගරුක නිර්භීත හමුදාවක් වන නාවික හමුදාවට එක්වූ සියලුදෙනා වෙත ජයග්‍රාහී වෘත්තීය ජීවිතයකට සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා, ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් පෙන්වා දෙමින් සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සැලකිය යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම, පසුගිය ව්‍යසනය හමුවේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ සහන සේවා කටයුතුවලදී නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය අගය කරමින්, ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ සියලු නිලධාරීන් වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රණාමය පුද කළේය.

600202207 1444143723748519 5845355293792379523 n
599505075 1444144030415155 6218782498023731245 n
597857719 1444144040415154 8117286450769498651 n
600183145 1444143720415186 4183114083073067019 n
597870994 1444143940415164 5076582591536317138 n