රටවල් 40ක් මිලියන 3421ක් එවලා!

rebuilding sri lanka

සුළි කුණා­ටු­වෙන් විප­තට පත් පුර­වැ­සි­යන්ට සහන සැල­සී­මට ආරම්භ කළ Rebuilding Sri Lanka අර­මු­ද­ලට මේ වන විට දේශීය සහ විදේ­ශීය වශ­යෙන් රුපි­යල් මිලි­යන 3421 ඉක්ම­වන මුදල් ආධාර ප්‍රමා­ණ­යක් ලැබී ඇතැයි මුදල්, ක්‍රම සම්පා­දන හා ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැව­සුවේ Rebuilding Sri Lanka අර­මු­දල සහ එහි වත්මන් තත්ත්වය පිළි­බ­ඳව විශේෂ ප්‍රකා­ශ­යක් මාධ්‍ය­යට නිකුත් කර­මිනි. එම විශේෂ ප්‍රකා­ශයේ වැඩි­දු­ර­ටත් මෙලෙස ද සඳ­හන් වේ.

මුදල් හා චෙක්පත් තැන්පතු මෙන්ම භාණ්ඩා­ගා­රය විසින් කළ­ම­නා­ක­ර­ණය කරන ලද ගිණු­ම්ව­ලට විදේශ මුදල් දාය­ක­ත්ව­යන් බැර කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහ­ජන බැංකුව හරහා ක්‍රියා­ත්මක වන ගිණුම් සහ භාණ්ඩා­ගා­රයේ නියෝජ්‍ය ලේක­ම්ව­ර­යාගේ නමින් පව­ත්වා­ගෙන යන විදේ­ශීය ගිණුම් කිහි­ප­යක් මෙයට ඇතු­ළත් වේ. මේ විධි­වි­ධා­න­යෙන් පරි­ත්‍යා­ග­ශී­ලීන්ට, සුබ පත­න්නන්ට සහ විදේ­ශ­යන්හි ජීව­ත්වන ශ්‍රී ලාංකි­ක­යන්ට ජාතිය නැවත ගොඩ­නැ­ඟීමේ ප්‍රය­ත්න­යට ඍජු­වම සහාය වීමට ඉඩ සල­සන බව ද හෙතෙම කීවේය.

මුල් අදි­ය­රේදී රුපි­යල් මිලි­යන 700ක් ලැබී තිබු අතර, දෙවැනි යාව­ත්කා­ලීන කිරී­මේදී රුපි­යල් බිලි­යන 1.8ක් ලැබී තිබුණු බවත් කී ලේක­ම්ව­රයා ඊයේ (14) වන විට දේශීය හා ජාත්‍ය­න්තර දාය­ක­යන්ගේ ශක්ති­මත් සහ­යෝ­ගය පිළි­බිඹු කර­මින් රුපි­යල් බිලි­යන 3.4ක් ලැබී ඇතැ­යිද පැව­සු­වේය.

භාණ්ඩා­ගාර දත්ත වලට අනුව රට­වල් 40කට වැඩි ගණ­න­කින් පරි­ත්‍යාග ලැබී ඇති අතර, වැඩිම දාය­ක­ත්ව­යන් උතුරු අමෙ­රි­කා­වෙන්ය. ඔස්ට්‍රේ­ලි­යාව, එක්සත් රාජ­ධා­නිය, ජර්ම­නිය, ඉතා­ලිය, මාල­දි­ව­යින, සෞදි අරා­බිය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ දකුණු කොරි­යා­වෙන් ද විශාල මුද­ලක් ලැබී ඇත. එක්සත් ජන­ප­දය, ජර්ම­නිය, ඔස්ට්‍රේ­ලි­යාව සහ එක්සත් රාජ­ධා­නිය වැනි රට­වල පව­ත්වා­ගෙන යන විදේ­ශීය ගිණුම් හරහා දායක මුදල් අඛ­ණ්ඩව යොමු කෙරෙන අතර, ගනු­දෙනු අඛ­ණ්ඩව සිදු වන බව ද ලේක­ම්ව­රයා කීවේය.

මෙරට ප්‍රධාන පෞද්ග­ලික අංශයේ ආය­තන තුනක් රුපි­යල් මිලි­යන 100කට වඩා අර­මු­ද­ලට පරි­ත්‍යාග කර ඇති බව ද ආචාර්ය සූරි­ය­ප්පෙ­රුම මහතා අනා­ව­ර­ණය කළේය. ඊට අම­ත­රව තවත් ආය­තන හත­රක් ව්‍යාපාර, සංවි­ධාන සහ පුද්ග­ල­ය­න්ගෙන් ලැබුණු පරි­ත්‍යාග රාශි­ය­කට අම­ත­රව රුපි­යල් මිලි­යන 20ත් 100ත් අතර මුද­ලක් පරි­ත්‍යාග කර ඇතැයි ද කීවේය.

නැවත ගොඩ­නැ­ඟීමේ වැඩ­ස­ට­හනේ මුළු පිරි­වැය තව­මත් සම්පූ­ර්ණ­යෙන් තීර­ණය කර නොමැති අතර, එය රුපි­යල් බිලි­යන දහස් ගණ­නක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තාක්ෂ­ණික විශේ­ෂ­ඥ­යන්ගේ සහාය ඇතිව තක්සේරු කිරීම් සහ දත්ත රැස් කිරීම දැනට සිදු වෙමින් පව­තින බව ද ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් කීවේය.