අප්‍රේල් 15 ගැන හරින්ගෙන් බිහිසුණු අනාවැකියක්

harin

සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික හානිය දරුණු බවත්, අර්බුදයට මුහුණ දීම සඳහා රජයට සහ ජනාධිපතිවරයාට පැහැදිලි සැලැස්මක් නොමැති බවටත් මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමති හරින් ප්‍රනාන්දු පැවසීය.

ව්‍යසනයෙන් ඇති වූ බලපෑම නිසි ලෙස කළමනාකරණය නොකළහොත් 2026 අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

“අද දිනය ලියලා තියාගන්න අපි කිව්වා කියලා, අප්‍රේල් 15 වෙද්දී ඩොලරය කීයට යයිද කියලා බලන්න, රටේ ආර්ථිකය මොන විදිහට කප්පාදුවකට ලක්වෙයිද බලන්න. එහෙම වෙනවට අපි කැමති නැහැ, නමුත් මේ තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළොත් එය සිද්ධ වෙයි.” ඔහු තවදුරටත් පැවසීය.