අත කැඩුණු හැටි දයාසිරි කියයි

484832528 1193135952175955 6431820571923033878 n

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ අර්බුදය ආරම්භ වන්නේ 2022 මැයි මාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයත් සමග බව පවසන ජයසේකර මහතා, එම තීන්දුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කළ අතර සම්මත කළ අතර ඊට පිටුපා නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර දුමින්ද දිසානායක ලසන්ත අලගිය වන්න චාමර සම්පත් දස නායක ශාන්ත බණ්ඩාර සුරේන් රාග වන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉතා අමාරුවෙන් තෝර තෝරාගන්නා ලද 2020 පාර්ලිමේන්තුවේ දාහතර දෙනාගෙන් නව දෙනකු පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් පක්ෂයේ බාවාදී අමාත්‍ය ධුර භාර ගැනීම තුළ පක්ෂය විශාල අර්බුදයකට ලක් වූ බවද හෙතෙම පවසයි.
ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත්ව යාමේදී පිහිටුවන ලද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු ලබා ගනිමින් සහ තනතුරු නොලබා විපක්ෂ හිඳිමින් එම නව දෙනා ආණ්ඩුවට සහයෝගය දීමද මෙම බරපතළ ඛේදවාචකයට හේතු වූ බව පවසයි.
පසුගිය අවුරුදු දෙක තුළ මෙම සියලු දෙනා විසින් පක්ෂයේ අභිවෘද්ධිය සඳහා කළ එකදු ක්‍රියාකාරකමක් හෝ තිබේදැයි පරීක්ෂා කළ යුතු බව පවසන දෑසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබූ ගාමීය මට්ටමේ ශාඛා සමිති කාන්තා සමිති තරුණ සමිති කිසිවක් නැවත ප්‍රතිෂ්ඨාපනය කර නැතැයි ද පවසයි.