සජිත් ඉබ්බාගමුවේ යයි. යෝජනා රැසක් කරයි

whatsapp image 2025 12 16 at 6.56.36 pm (1)

අප රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද සුනාමියකට හසුව ඇති බවත් ආපදා කළමනාකරණය ගැන නිශ්චිත ආයතන, මාර්ගෝපදේශ, ක්‍රියාකාරීත්වය හා මාර්ග සිතියමක් නොමැති බවත් NBRO, GSMB ඇතුළු පරිසර කේන්ද්‍රීය ගොඩනැගිලි කේන්ද්‍රීය නායයෑම් ගංවතුර සුළි කුණාටු සම්බන්ධ ආයතන නිසි සැලසුමක් සම්බන්ධීකරණයක් තුළ ක්‍රියාත්මක වන රට තුළ ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හිරියාල ආසනයේ පුදුක්කුලම ප්‍රදේශයේ නායයෑම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කලේය. ඉන් අනතුරුව ඕමාරගොල්ල, ගොඩපරගොල්ල අවට ජනතාව මේ වන විට රැඳී සිටින පන්ලියද්දි විහාරස්ථානයට ද පැමිණ ජනතාවගේ ගැටලු සොයා බැලීය.

අසාර්ථක ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් නිසා මහා විනාශයකට ලක් වූ ජනතාවට නිශ්චිත ස්ථිර සහන ලබා දීම සිදු කළ යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් මේ විනාශය නිසා ඩොලර් බිලියන ගණනාවක හානියක් සිදුව ඇති මුත් සිදු වු හානියට සරිලන ආධාර උපකාර නොලැබුණු නිසා කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් යෝජනා කළ බැවින් පමා නොකළ මේ ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවේ දේශපාලනමය වශයෙන් වාසි ලබා ගැනීම ලකුණු දමා ගැනීමකින් තොරව විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසා ජන ජිවිත ශක්තිමත් කල යුතු බවත් මේ ව්‍යවසනයට ලක් වූ ජනතාව දේශපාලන පාපන්දු ලෙස යොදා නොගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ඇති කර ශක්තිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

whatsapp image 2025 12 16 at 6.56.33 pm
whatsapp image 2025 12 16 at 6.56.34 pm
whatsapp image 2025 12 16 at 6.56.36 pm (1)
whatsapp image 2025 12 16 at 6.56.38 pm