හිටපු විදහල්පතිවරයෙකු වන රත්නපුර දිස්ත්රික්කයේ ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු වන ශාන්ත පද්මකුමාර නැමැති මන්ත්රීවරයාට අයත් ඉඩමකින් මල්පැල වගයක් පොලිසිය හොයාගෙන තිබෙනවා. පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුවක කුමක්ද? ඒ මල්පැලවලට ක්රියාමාර්ග ගෙන තිබෙනවාද? යන්න පොලිසිය ප්රකාශ කළයුතු බව සජබ මන්ත්රී අජිත් පී පෙරේරා පවසයි.
‘ඒ නිසා ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු වන ශාන්ත පද්මකුමාර සම්බන්ධයෙන් පොලිසිය ගෙන තිබෙන ක්රියාමාර්ගය පිළිබඳව සමගි ජනබලවේගය දැන ගන්න කැමැතියි. ඒ වගේම මේ ප්රශ්න සහගත මල් වගාව තිබුණේ ඔහුගේ ඉඩමකද ? ඔහු එම මල් වගාව ගැන දැනගෙන සිටියේ නැද්ද ? පිළිබඳව පැහැදිලි කිරිමේ යුතුකමක් ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු වන ශාන්ත පද්මකුමාරටත් තිබෙනවා. මේ මල් ප්රශ්නය පිළිබඳව වහාම රටට පැහැදිලි කරන ලෙස සමගි ජනබලවේගය ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු වන ශාන්ත පද්මකුමාරගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වල්පැල වල්පැල ලෙස හඳුනාගැනීමට නොහැකිවුණ පුරවැසියන් කණගාටු විය යුතුයි. මල්පැල වේෂයෙන් වල්පැල ඇවිත්.‘‘යැයි ද ඔහු පවසයි.