ඔන්ඩෙස්ටරෝන් අයි.වී. නික්ෂේපණ 85,000ක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇත. නිසි ටෙන්ඩර් කැඳවීමකින් යුතුව මෙම ඔන්ඩෙස්ටරෝන් අයි.වී. නික්ෂේපණ 1,450,000ක තොගයක් මෙරටට ගන්වා ඇති බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ දේදුනු ඩයස් මහතා පැවසීය.
මෙම ඖෂධය නිෂ්පාදනය කරන අදාළ සමාගමෙන් නිෂ්පාදනය කරන අනෙකුත් එන්නත් වර්ග 10ක් ද මේ වන විට භාවිතයෙන් අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.
ඔන්ඩෙස්ටරෝන් අයි.වී. නික්ෂේපණ ඖෂධය නිසා මරණ දෙකක් සිදු වූ බවට පසුගියදා වාර්තා කිරීම් සිදු වුව ද, මෙම ඖෂධය අත්හිටුවීමට හේතුව එම මරණ නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (17) ප්‍රකාශ කළේය. අදාළ මරණවලට හේතුව සොයාගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදු කරමින් තිබෙන බව ද ඒ මහතා පැවසුවේය.
අදාළ මරණ සිදු වූයේ 13 සහ 14 වැනි දිනවලදී වන අතර එම මරණ සිදු වීමට පෙර මෙම ඖෂධය 12 වැනිදා භාවිතයෙන් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ද විජේවික්‍රම මහතා පැවසුවේය.