සජබ ප්‍රා. මන්ත්‍රීගේ රේල් පීලි ලොරිය කොටු.මන්ත්‍රී හැංගිලා.

arrest 1 e1610005986563


වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රී අබ්දුල් සත්තාර් මොහොමඩ් අජ්මාල් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රේල්පීලි තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

මේ වනවිට රේල්පීලි රැගෙනයාමට උත්සාහ කළ ඔහුට අයත් L L 8721 දරණ ලොරි රථයක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මාතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිගේ නියෝජිතයෙකු වන මොහොමඩ් අජ්මාල් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රී චතුර ගලප්පත්ති විසින් ස්වාධීන කණ්ඩායමක් ලෙස තෑගි පෙට්ටිය ලකුණින් වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන ලද අතර ඔවුන් ලැයිස්තු මන්ත්‍රීධුර 03ක් දිනාගන්නා ලදි.