ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථාතත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව අද (19) පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලදී.මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක ද අද (19) පාර්ලිමේන්තුවට පැමිණ රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා පැවති විවාදයට සහභාගී විය.
එම පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (18) අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, අද පෙ.ව. 10.00 සිට ප.ව. 6.10 දක්වා පැවති විවාදයෙන් පසුව, රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත කරන ලදී.