ලංකාවට ඩොලර් මි. දෙසීය අනුමතයි

untitled 1 17

ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී.

මෙම කඩිනම් මූල්‍යන උපකරණය මගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලැබෙනු ඇත.

මෙම සුළි කුණාටුවේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා ජා.මූ. අරමුදලේ වැඩසටහනෙන් උපරිම සහයෝගය ලබා දෙන්නේ කෙසේ ද යන්න ඇගයීමට යම් කාලයක් ගත වන බැවින්, විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පස්වන සමාලෝචනය කෙටි කාලයකින් ප්‍රමාද කෙරිණි. ඊට අදාළ සාකච්ඡා 2026 මුල් භාගයේ දී යළි ඇරඹෙනු ඇත.

වොෂින්ටන්, ඩී.සී.: ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් මිලියන 150.5ක (ජා.මූ. අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා පවතින කෝටාවෙන් සියයට 26කට සමාන, එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ) මූල්‍යන පහසුකම මුදා හැරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී. මෙම හදිසි මූල්‍යමය සහාය මගින් නොවැම්බර් 28 වන දින දිවයිනට අහිතකර බලපෑම් ඇති කළ ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් පසු ව ඇති වූ හදිසි ගෙවුම් තුලන සහ රාජ්‍ය මූල්‍ය පීඩන සඳහා පිළියම් යෙදීමට සහාය වනු ඇත.