සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් යළි ඒකාබද්ධ වන්නේ නම් එහි නායකත්වය බහුතර බලය හිමි සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හට හිමිවිය යුතු බව එම පක්ෂයේ ස්ථාවරය වී තිබේ. එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමෙන් පසු ඒ මහතාට ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් පිරිනැමීමටද සජබය යෝජනා කර ඇති බවක් වාර්තා වේ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ යටිකූට්ටු වැඩවලට ප්‍රවේසමින් මුහුණ දියයුතු බවත් ඇතැම් පාර්ශව සජබ නායකත්වයට දන්වා ඇතැයි ද පැවසේ.
පසුගියදා එජාප කෘත්‍යාධිකාරියේදී රනිල් වික්‍රමසිංහ මහතා කළායැයි කියන ප්‍රකාශයක් පිළිබඳවද සජබ ඇතැමුන්ගේ අවධානය යොමුවී තිබේ.තමන් දන්නා දේශපාලනය අනුවනම් රනිල් වික්‍රමසිංහ මහතා කිසිලෙසකින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නැතැයිද සජබ ජේෂ්ඨයෙක් පවසා තිබේ.
කෘත්‍යාධිකාරියේදී නවින් දිසානායක මහතා දැඩිව පවසා ඇත්තේ සජබ එජාප ඒකතුවක් මිස එජාප පොහොට්ටු එකතුවකට තමන් අකමැති බවයි.
“මේ වෙලාවේ අපි කරන්න ඕන සජබයත් එක්ක එකතුවෙලා අපේ දේශපාලනය කරන එක. දැනටමත් අපි ඒකට කමිටුවක් පත් කරලා තියෙන්නේ. සජබෙයි එජාපෙයි ඉන්නේ දෙගොල්ලෝ නෙවෙයි.අපි එක කණ්ඩායමක්.එතන ඉන්නෙත් අපේ අය.අපිට එකතු වෙලා ඒකට වැඩ කරන්න පුළුවන්.පොහොට්ටුවත් එක්ක ගිහිල්ලා කිසිම අනාගතයක් නැහැ. පොහොට්ටු අය කවදාවත් එයාගේ අපේක්ෂකයන්ට මනාප ගහනවා මිසක් අපේ අයට මනාපයක් ගහන්නේ නෑ. ඉතින් ඒකෙ වාසිය ගන්නේ පොහොට්ටුව.රාජපක්ෂලා කියන්නේ පවුලක්නෙවේ, සංස්ථාවක්.මම නම් කිසිසේත්ම එකඟ නෑ රාජපක්ෂලත් එක්ක ගමනක් යන්න. ඒ නිසා මම නම් නමල් රාජපක්ෂව නායකත්වයට ගේන්න කිසිම සූදානමක් නෑ.අපි නාමල් පස්සේ යන්නෙත් නෑ. එහෙම උනොත් මම දේශපාලනය අතඇරලා ගෙදර යනවා.”
නවීන් බොහොම සංවේදීව කීවා.
හැබැයි ඒ වෙලාවේ හිටපු ජනාධිපති රනිල් මෙසේ පවසා ඇත.”මං රාජපක්ෂල එක්ක කිසිම දේශපාලනයක් කරන්නේ නැහැ.මම රාජපක්ෂල බේරගන්න ගිහිල්ලත් නෑ. ඒ අයට තනතුරු දෙන්න ගිහිල්ලත් නැහැ. මම ජනාධිපති උනෙත් රාජපක්ෂල හින්දා නෙමෙයි. ජනාධිපති උනාම අඩුම තරමින් නාමල්ට තනතුරක් වත් දුන්නේ නෑ.ඇමතිකමක් දුන්නේ ශෂීන්දුරට විතරයි.ඒ මොනරාගලට නියෝජනයක් දෙන්න ඕන නිසා.ඒ එක්කම අපි බලන්න ඕන මේ වෙලාවේ රැල්ල කොහාටද යන්නේ කියලා”
හෙතෙම පවසා තිබේ.