පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දින 17ක් නිවාඩුවක්ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දින දෙකක නිවාඩුවක්ද වන පරිදි දිර්ඝ නිවාඩුවක් ලබාදී තිබේ.
කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 22 වනදා හා 23 වනදා විශේෂ නිවාඩුවක් ලබා දී ඇත.
ඒ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් මගින්ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබේ.
මීට පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දෙසැම්බර් 24 හා 26 යන දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි කටයුතු ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේය.