හෙට සහ අනිද්දා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී චරිත දෙකක් හමුවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කොට තිබේ. සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ පවසයි.
ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත් මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවය.
එමෙන්ම අද උදෑසන වන විට තවත් නිවාස 169,944කට ගෙවීමට තිබූ බවත් මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487ක වැය බරක් දරා ඇති බවය.ජයශංකර් හෙට ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ පැමිණෙනු ඇත. ඔහු පසුදා ජනාධිපති දිසානායක හමුවීමට නියමිතය.
සංචාරය අතරතුර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික පණිවිඩයක් ලබාදෙනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර, ජ්‍යෙෂ්ඨ චීන නිලධාරි ෂාඕ ලෙජි සහ ඔහුගේ දූත පිරිස අඟහරුවාදා දිවයිනට පැමිණෙන අතර එදිනම ජනාධිපති දිසානායක හමුවනු ඇතැයි පැවැසේ.
ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී කියැංට පසුව චීන රජයේ තුන්වැනි ඉහළම ශ්‍රේණියේ නායකයා වන ලෙජි දින දෙකක සංචාරයක් සඳහා මෙහි පැමිණෙනු ඇත.