කොනස අයවැය මාලිමාව පරදියි. මුජීගේ ගේමක්! උවිඳුගෙන් ප්‍රහාරයක්.

cmc1

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජයට පත්වුණි.

මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. 

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණි.

කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

කෙසේ වෙතත් අයවැය ජයගන්නට මාලිමාවට නොහැකි විය.

‘ජනාධිපතිතුමනි.. රෑට රෑට එන්න කියලා බුරියානි කන්න දීලා කොළඹ නගර සභාව පාලනය කරන්න බෑ! ආණ්ඩුවට ඡන්දය දුන්නු විපක්ෂයේ දෙන්නාටත් අපි කල් තියා මේ ප්‍රතිපලය කිව්වා! ආණ්ඩුවට ඡන්දය දුන්නු UNP මන්ත්‍රී ගැන ඒ අයගෙන් අහන්න!’ හෙට ඉඳන් කොළඹ නගර සභාව පාලනය කරන්නේ සජබය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය! යනුවෙන් එහිදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මාලිමාව රහස් ඡන්ද පවත්වමින් කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකියාව ලැබුණු බව ද ඔහු පැවසීය.

මුජිබර්ගේ භූමිකාව

ඉකුත් මැතිවරණයේ දී කොළඹ නගර සභාව සජබට ලබාගෑනීමට දැඩි වෙහෙසක් ගත්තේ මුජිබර් රහුමාන් ය. නමුත් ඉතා සීමිත ඡන්ද ප්‍රමාණයකින් එය ව්‍යර්ත විය. කොළඹ මහ නගර සභාවේ ජයග්‍රහණය මොනතරම් සුවිශේෂ ද කියා දන්නා මුජිබර් 2023 දී පුරපති අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අත්හැරියේ ය.කෙසේ වෙතත් එවර පළාත් පාලන මැතිවරණය කල් යෑමෙන් මුජිබර්ට අඩි කිහිපයක් පස්සට ගන්නට සිදුවිය. ඔය අතර ජනාධිපතිවරණයත්,පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැති අතර එතෙක් පැවති බල හුවමාරුව වෙනස් විය. මාලිමාව ඒ් මැතිවරණ දෙක ජයගත් අතර පුරපති කමට එන්නට මන්ත්‍රීකම අත්හැරිය මුජිබර් පාර්ලිමේන්තුවට තේරිණ.

mujibur rahman 1

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරසභාවේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සටනක් ඇතිවිය. ආණ්ඩුව මෙන්ම සජබ ද ඊට මැදිවූ අතර සිය බලකොටුව රැකගන්නට මුජිබර්ලා දැඩි වෙහෙසක් ගත්හ.ආණ්ඩුවද සිය උපරිම ශක්තිය ඊට යෙදවූ අතර කොළඹ මහ නගර සභාවේ සමස්ත මන්ත්‍රී ධූර 117ක් තිබේ. සභාවේ බලය ලබා ගැනීම සඳහා ඉන් ආසන 60ක් ජයග්‍රහණය කළ යුතු ය.කෙසේ වෙතත්, මෙවර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට හිමි වූයේ, ආසන 48ක් පමණි.

සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිවිය.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

කොළඹ නගර සභාවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 17ක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලක්ෂ 05කට අධික ජනතාවක් කොළඹ මහ නගර සභා සීමාවේ දිවි ගෙවන අතර තවත් ලක්ෂ 5ක පමණ පිරිසක් විවිධ ප්‍රදේශවල සිට දිනපතා කොළඹට පැමිණෙති.කොළඹ මහ නගර සභාව සතු සේවකයින් සංඛ්‍යාව 9000කි.නගර සභාව සතුව මාතෘ නිවාස සහ සායන ද ඇත. නගරය ආශ්‍රිත ත්‍රිපෝෂ ලබා දීම් වැනි සියලු සේවා කොළඹ මහ නගර සභා වියදමින් ක්‍රියාත්මක වෙයි.

වෙනම ම පුණ්‍ය කොමසාරිස්වරයෙකු සේවය කරන එක ම පළාත් පාලන ආයතනය වන්නේ ද කොළඹ මහ නගර සභාව යි.කොළඹ මහ නගර සභාව විසින් පෙර පාසල් මෙන් ම වෘත්තීය පුහුණු පාසල් ද පවත්වා ගෙන යනු ලබයි.නගරයේ පිහිටි ක්‍රීඩාංගණ සහ වෙළෙඳපොළ සියල්ල ද කොළඹ මහ නගර සභාව සතු වෙයි.

ඒ අනුව, මෙම සියලු දේපළ හා වත්කම්වල නිසි කළමනාකරණ වගකීම පැවරෙන්නේ කොළඹ නගරාධිපතිවරයාට අතට ය.

මේ බව හොදින්ම දන්නා අයෙකු වන්නේ මුජිබර්ය.කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදු විය.කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා විය.එහිදි නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළේය.

කෙසේවෙතත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න විමසීමත් සමග ඇති වූ මහභේදාත්මක තත්ත්වය තුළ සභාවෙහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ලෙස හෝ විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න නාගරික කොමසාරිස්වරිය විමසීමක් කළ අතර එයටද ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් ද යෝජනා කරනු ලැබීය.

ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්විය.

සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.

කෙසේ වෙතත් මුජිබර් අපේක්ෂා සහගතව සිටියේ අවස්ථාව එනතුරුය.ඊයේ ආවේ එම අවස්ථාවයි.බොහෝ දෙනා කියන්නේ මෙය මුජිබර්ගේ ගේමක්’ කියා ය.

ඔය අතර මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මේ පිලිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබේ.

“ඊයෙ නගර සභාවෙ අයවැය විවාදෙ දි තමතමන් කරපු කතා කීපයක් කීපදෙනෙක් මට එවල තිබ්බ​. ඒ අයත් හෘදය සාක්‍ෂියට එකඟව නෙමෙයි විරුද්ධව ඡන්දෙ දුන්නෙ කිව්ව​. ඒකයි මට මේක මතක් උනේ.

කොළඹ නගර සභාවේ UNP නොවන පළවෙනි නගරාධිපති වුන ආචාර්ය එන් එම් පෙරේරාව 1956දි විශ්වාස භංගයකින් පරාජයට පත් කරානෙ. ඒ වෙලාවෙ හෘදය සාක්‍ෂියට එකඟව නෙමෙයි එන් එම්ට විරුද්ධව ඡන්දය දුන්නෙ කියපු මන්ත්‍රීවරු හිටිය​. ඒක දේශපාලන සංසිද්ධියක් නෙ. ඒකෙ වාද විවාද අධ්‍යයනය කරල බලන්න​. විශ්වාසභංගය විවාද කරනකොට ඒක උසාවියෙත් අභියෝගයට ලක්කරල​, උසාවි තීන්දුව එනකං මහ රෑ වෙනකං එවකට නගර සභා මන්ත්‍රී ඔස්මන්ඩ් ජයරත්න [පස්සෙ මහාචාර්ය – තාරකා විද්‍යාඥය කියලනෙ ඔසීට අපේ කාලෙදි කිව්වෙ ] පැය ගානක් කතා කළා කාලෙ කන්න​[Filibustering] එන් එම් ට පස්සෙ වාමාංශයට බලය ගිය අවස්ථාව තමයි මේ.

දැන් ව්‍රායිටත් විශ්වාසභංගයක් ගෙනෙයි. ඒත් ඒ ව්‍රායිට නෙමෙයි. ජෙප්පො හදන්න යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ජෙපි පාලනයට විරුද්ධව තමා ඒක ගේන්නෙ. ඒක කොළඹ නගර සභාවෙ ප්‍රශ්නයක් නෙමෙයි, ජාතික දේශපාලනයට අදාල ප්‍රශ්නයක්. අනුර පව් කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමා. එයා නෙමෙයි ඕකට සම්පූරනයෙන්ම වගකියන්න ඕන​, පැලවත්තෙ දේශපාලන මණ්ඩලය​. අනුරත් ඒකෙ ඉන්නවනෙ ජනාධිපති පඹයෙක් උනාට​, ඉතිං එයත් ඒකෙ වගකීමෙන් විශාල කොටසක් බාරගන්න ඕන​.”