ඉන්දිය විදේශ ඇමති අද ජනපති හමුවේ.

20230617 asp002

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත අතර, අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්ය.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සංචාරය නිමාකර අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවය.