වටගල, පතිරණගෙන් බිලියන දහයක් ඉල්ලයි

dfrgtye4u6jte

නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පොදු­ජන පෙර­මුණේ ක්‍රියා­කා­රි­ක­යකු වන ආචාර්ය මහින්ද පති­ර­ණට එරෙ­හිව රුපි­යල් බිලි­යන 10ක වන්දි­යක් ඉල්ලා කඩු­වෙල දිසා අධි­ක­ර­ණයේ නඩු­වක් පවරා තිබේ.

ඒ පසු­ගි­යදා නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා සම්බ­න්ධ­යෙන් කරන ලද අසත්‍ය ප්‍රකා­ශ­යක් හේතු­වෙන් ඒ මහ­තාට අප­හා­ස­යක් සිදුව ඇති බවට චෝදනා කර­මිනි.

කඩු­වෙල දිසා අධි­ක­ර­ණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මඟින් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා මහින්ද පති­රණ මහ­තා­ගෙන් රුපි­යල් බිලි­යන 10ක වන්දි මුද­ලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පති­රණ මහතා තමා­ටත් තම දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­ටත් අප­හාස කිරීමේ අර­මු­ණින් සිතා­ම­තාම අසත්‍ය කරුණු ප්‍රචා­රය කිරීම තුළින් මෙම අප­හා­සය සිදු­කර ඇති බවට සුනිල් වට­ගල මහතා අධි­ක­ර­ණ­යට කරුණු සැල­කර තිබේ.

මහින්ද පති­රණ මහතා 2025 සැප්තැ­ම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කරන ලද ෆේස්බුක් පළ කිරී­මක් මඟින් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහ­තාට කොළඹ සින­මන් ලයිෆ් නිවාස සංකී­ර්ණයේ සුඛෝ­ප­භෝගී නිවා­ස­යක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ­ස­හ­ගත ප්‍රකා­ශ­යක් සිදු­කර ඇති බවත් එම නිවා­සය මිලදී ගැනීම සඳහා මුදල් සොයා­ගත් ආකා­රය සැක සහිත බවත්, එය අල්ල­සක් විය හැකි බව­ටත් ආදි වශ­යෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළු­ම­නින්ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වට­ගල මහතා තම පැමි­ණි­ල්ලෙන් දක්වා තිබේ. තවද මහින්ද පති­රණ මහතා සචින් රත්වත්තේ නමැති පුද්ග­ල­ය­කුගේ ෆේස්බුක් ගිණු­මක් උද්ධෘත කර­මින් මෙම ප්‍රකා­ශය සිදු­කර ඇති බවත්, එම ෆේස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැද්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වට­ගල මහතා තම පැමි­ණි­ල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

මහින්ද පති­රණ මහ­තාගේ පළ කිරීම බොහෝ සේ සමා­ජ­ග­තව ඇති බවත් එයින් තම කීර්ති නාම­යට බල­වත් අප­හා­ස­යක් සිදුව ඇති බවත් නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා එම පැමි­ණි­ල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් කරුණු නිවැ­රදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්ත­ර­වා­සිය ප්‍රති­ක්ෂේප කිරී­මක් මහින්ද පති­රණ මහතා විසින් සිදු කර නොමැති බවත් වට­ගල මහ­තාගේ පැමි­ණිල්ලේ සඳ­හන් කර තිබේ.