ඉතිහාසයේ වැඩිම බදු ආදායම පනී.

inland revenue department logo 1200px 23 08 03

දේශීය අාදායම් දෙපාර්තමේන්තුව 2025 වසර අවසන් වන විට අත්කර ගත යුතුව තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19දා වන විටම සම්පූර්ණ කරගැනීමට සමත්ව තිබේ. රජය තම දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය මේ අනුව පසුගිය සිකුරාදා (19) ජයගත් බව සතුටින් දන්වා සිටින්නේ යැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්. ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වේ. ඉදිරි දින කිහිපය තුළදී එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. මේ සඳහා සෘජු හා වක්‍ර බදු ලෙස බදු ගෙවීමෙන් දායකත්වය ලබාදුන් ගෞරවනීය බදු ගෙවන්නන් වෙත රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්තූතිය පුද කරන බව ද ඇය සඳහන් කළාය. එපමණක් නොව මේ සඳහා දායකත්වය ලබාදුන් තම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලවලට ද බෙහෙවින් ස්තූතිවන්ත වන බව ද ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.