වසර තිහකට වැඩි සේවා කාලයක් ඇති තමාට එරෙහිව කිසියම් චෝදනාවක් ඇත්නම් පෙන්වන ලෙස විගණකාධිපති තනතුරේ මෑතක් වන තුරුම වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් මේ දක්වාම රජය ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තාවේ.
මේ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන අධිකාරිවරයකු ලෙස සේවය කර අතිරේක ලේකම්වරයකු ලෙස රජයේ ඉහළම ස්ථානයකට පත්ව ගිය අයකු මෙම තනතුර පිරවීමට එරෙහිව කුමන්ත්රණකාරී ලෙස කටයුතු කරන බව විගණන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.