විගණකාධිපති තනතුර වහාම පුරවන ලෙස දෙස් විදෙස් ආයතන විස්සකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයාට පෞද්ගලිකවම ලිපි යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු ආයතන සහ සංවිධාන ඒ අතර වන බව පැවසේ. විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු නම් හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා වරින්වර ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මාස අටක් තිස්සේ විගණකාධිපතිවරයකු නොමැති වීම හේතුවෙන් විගණන වාර්තා ඉදිරිපත් කිරීම මෙන්ම විගණන විමසුම් කිරීමද අඩපණව ඇත.